Email

lock

ඔන්න ඉතින් අද ගෙනාවා සමහර අයට වැදගත් වෙන දෙයක්. ;) මේකෙන් පුළුවන් කිසිම අමතර සොෆ්ට්වෙයා එකක් නැතුවම ෆෝල්ඩර් එකක් ලොක් කරගන්න. අවශ්‍ය වන්නෙ Notepad එක විතරයි.

ඔන්න එහෙනම් මම පියවරවල් වලින් වැඩේට බහිනවා.

1. මුළින්ම Notepad එක ඕපන් කරගන්න.

2. දැන් ඉදිරියෙන් තියෙන ලින්ක් එකෙන් ගිහින් ඒකෙ තියෙන කෝඩ් එක කොපි කරලා Notepad එකේ සේව් කරගන්න. Click Here

Folder Lock on notepad
මේ වගේ තියේවි

3. දැන් Notepad එකේ File->Save යන්න. එහි File Name එක 'locker.bat' ලෙසත් Save as type එක All Files යන්නත් දෙන්න. (පහත රූපයේ පරිදි) මෙහි ".bat" කොටස අනිවාර්යයි.

save as

4. දැන් locker.bat එක ඩබල් ක්ලික් කර විගස එය ඇති ස්ථානයේම Locker නමින් ෆෝල්ඩර් එකක් සැදෙනු ඇත. ඔබට සැඟවීමට අවශ්‍ය දේවල් එහි දමන්න.

5. දැන් නැවත Locker.bat ඩබල් ක්ලික් කරන්න. එවිට එන cmd එකෙහි y අකුර ටයිප් කර Enter කරන්න. එවිට ඔබගේ ෆෝල්ඩර් එක Recyle Bin එක බවට පත්වෙනු ඇත. දැන් ඔබගේ ෆෝල්ඩර් එක ආරක්ෂිතයි.

6. Locker.bat ෆයිල් එක එතැන තියන්න එපා. මොකද එතකොට කෙනෙක් දැනගන්න පුළුවන් මොකද්ද වෙන්නෙ කියලා. ඕපන් කරන්න අවශ්‍ය වෙලාවට විතරක් තිබුණු තැනට ඒක ගන්න.

7. ඕපන් කරන්න අවශ්‍ය වුණාම නැවත Loker.bat එක ඩබල් ක්ලික් කරන්න. එතකොට ඔයාගෙන් පාස්වර්ඩ් එකක් අහවි. දැනට යොදා ඇති පාස්වර්ඩ් එක වෙන්නෙ 'lankatech' කියන එක. ඔයාට මේක වෙනස් කරගන්න නම් කළින් කොපි කරගෙන සේව් කරගත්ත කෝඩ් එකේ පහත පේළියේ ඇති 'lankatech' කියන එක අයින් කරලා කැමති එකක් දාගන්න.

"if NOT %pass%== lankatech goto FAIL"

කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

දොරාගෙ සයිට් එකටත් ඇවිත් බලන්න. LankaTech.info

0 comments:

තවත් එකක් නොව සියල්ලටම එකක්.....