Email
Virtual Box Logo

මේක ගැන සමහර අය දන්නවත් ඇති. නොදන්න අයත් ඇති. ඔන්න අද ගෙනාවෙ තමන් වැඩකරන Operating System එක උඩින් තව Os එකක් වැඩකරන හැටි. ඒ කියන්නෙ අපි වැඩකරන්නෙ Windows 7 කියලා කියමු. හිතන්න මට Windows XPත් ඕනෙ කියලා. අපිට පුළුවන් XP මේ සොෆ්ට්වෙයා එක ඇතුළෙ Run කරන්න.

හැමෝම බලාවි මේකෙන් තියෙන අමතර වාසි මොනවද කියලා. එහෙනම් බලමු.

* OS දෙකක් එකම අවස්ථාවේ වැඩකිරීමට හැකිවීම

* වයිරස් වැනි හානිකර දේ ඇතැයි සැක දේවල් මේ OS එක තුළ කිරීමට හැකිවීමෙන් Data හානි නොවීම
* Hard Disk එක partition කිරීම, Format කිරීමක් කළ යුතු නැති වීම
* බොහොම පහසුවෙන් OS එක ඉවත්කිරීමට හැකිවීම

එහෙනම් අපි කතා නැතුව මුළින් ඩවුන්ලෝඩ් එක කරගෙන ඉමු.

Click Here To Download (101mb) - For Windows

දැන් මේක Install කරගත්තට පස්සෙ පුළුවන් කැමති OS එකක් මේ සොෆ්ට්වෙයා එක ඇතුළෙ වැඩකරන්න. අවශ්‍ය වන්නෙ අදාළ OS එකේ Disk එකක් විතරයි.


0 comments:

තවත් එකක් නොව සියල්ලටම එකක්.....