Email
0
අද කුප්පි දෙක තුනක් එකතු කරලා බෝතලයක් දාන්නයි යන්නේ. මෙතෙක් කල් දාගෙන ආපු කුප්පි දැන් සෑහෙන දුරට ඉවරයිනේ. එක අතකට ඉවරවුනු එකත් හොදයි, හෙට අනිද්දාට ගෙදරින් එලවයිද කියන්නත් බෑ නොවැ. :P ඔන්න එහෙනම් කුප්පි දාගෙන දාගෙන දාගෙන යන්නම්.

Adsense කුප්පිය

කුප්පියක් කීවට කතාන්දරයක් තමයි කියන්න යන්නේ. ඔන්න එකෝමත් එක දවසක මං ඇඩ්සෙන්ස් ගිනුමක් මිලදී ගත්තා. මිලදී අරගත්තේ, ලංකාවේ අපට ඇඩ්සෙන්ස් ගිනුමක් ගූගල්ගෙන් ඉල්ලාගන්නවා කියන්නේ ඉබ්බාගෙන් පිහා‍ටු ගන්නවා වගේ නිසා. ඒ මිලදී ගත්ත ගිනුමෙන් ඉතින් ඔන්න හා.. හාපුරා කියලා ඇඩ්ස් දැම්මේ, iPlus Blog එකට, Ad පෙන්නන්නේ නෑ. සිංහලනේ. ඊටපස්සේ දැම්මා මගේ බ්ලොග් ටෙම්ප්ලේට් තියෙන බ්ලොක්කයට. අන්න ඒකේනම් එලට වැඩ. ඊටපස්සේ දැම්මා moviecrux.com කියන මගේ ‍AVI ෆිල්ම් තියෙන බ්ලොක්කයට. ඒ බ්ලොක්කය හැදුවේ ඇඩ්සෙන්ස් ඉලක්ක කරගෙනමයි. දවස් කීපයකින් ඒකේ ඇඩ් පෙන්නන එක disable කරලා තිබුනා. ඒ ‍AVI ෆිල්ම් දෙන එක නීති විරෝදී නිසා. ඒ හින්දා ඒ බ්ලොක්කය අතහැරලා දැම්මා.


ඊට පස්සේ සැපෙන් සතුටෙන් අර බ්ලොග් ටෙම්ප්ලේට් තියෙන එක විතරක් කරගෙන ගියා. බලාගෙන හිටියා, හිටියා සල්ලි හම්බෙන්නේ නෑ. හිතුවා පොඩි කපටි වැඩක් කරන්න. ඒ මගේ අතිජාත මෝඩ මිත්‍රයා දුන්නු අදහසකට අනුවයි. ඌත් අනිවාර්යෙන්ම මේ ලිපිය කියවනවා ඇති. ඌත් මෝඩයි, මාත් මෝඩයි නිසා දෙන්නාගේ අදහස් හොදට ගැලපෙනවා. :P

මගේ ඇලට්පේ එකේ මුදල් ටිකක් තිබුනා, ගෙව්වා microworkers එකට. දැන් ඔබපියව් මගේ ඇඩ් කියලා ජොබ් එකක් පෝස්ට් කලා. International, Google Search + Click 2x කියන ක්‍රමයට තමයි ජොබ් එක පෝස්ට් කලේ, දැන් හිට්ස් එනවා හෝ... ගාලා. Speed එක සෙට් කලේ 10ට. එතකොට දිනකට ඇඩ් ක්ලික්ස් 20ක් විතර අනිවා එනවා. දැන් ඉතින් ඉතින් මාර Happy. දැන් visiters ලා එනවාට වැඩියෙන්, Ad clicks වැටෙනවා. අන්න ඒකට මගේ මෝඩ මොලේ කල්පනා කරලා යෝජනා කලා ක්‍රමයක්. ඒ පැලෑන් එක මෙහෙමයි, iPlusBlog එකට iframe එකක් දාලා ඉංග්‍රීසි බ්ලොක්කය අමුනනවා, එතකොට ඒකෙන් impressions වැඩිවෙනවා, microworkers එකෙන් ක්ලික්ස් වැටෙනවා. සමහරවිට ඔයාලා දකින්න ඇති ගිය දවස් ටිකේ මේ බ්ලොක්කයට උඩින් තවත් ඉංග්‍රීසි බ්ලොක්කයක් ලෝඩ් වුනා. හැබැයි මේ වැඩේ හරිම ලාභයි. microworkers එකේ $20 ක් වැයකරනකොට ඇඩ්සෙන්ස් වලින් $100ක් හම්බෙනවා. දැන් මේක කියවන ඔයත් හිතනවාද දන්නේ නෑ, ඉදපං මමත් දෙනවා වැඩේ කියලා. ඉතුරු ටික අහපුවාම වැඩේ දෙන්න හිතෙන්නේ නැතිවෙයි.

දැන් ඔහොම ඉද්දී ඇඩ්සෙන්ස් වල $100 පිරෙනකොටම, ගිනුම උන් Suspend කලා. හෆොයි අල්ලපු අත්තත් නෑ, පයගහපු අත්තත් නෑ. දැන් මේකෙන් තේරුම්ගන්න ඕනේ මේකයි, අපි ඇඩ්සෙන්ස්ට හොර වැඩක් කලොත් ඒක අපිට එවෙලේම පලදෙන්නේ නෑ. එයාලාගේ අවම Withdraw ලිමිට් එක $100යි, අන්න ඒක පිරුනාමායි උන් අපෙන් පලිය ගන්නේ.

මං මේ කතාව කීවේ ඔයාලාගේ දැන ගැනීම පිනිස. $100 නැතිවුනා, එහෙමත් නැත්නම් ඇඩ්සෙන්ස් ගිනුම නැතිවුනා කියන්නේ මට වහ කන්න තරම් දෙයක් නෙවේ. ඔන්න ඔහේ ඕන එකක්. ඒකත් අත්දැකීමක්නේ.

ඔයාලා කවුරුහරි හොර වැඩක් කරනවානම් මේ හොර වැඩේ නැතිව, වෙනත් විදියක් කල්පනා කරලා කරන්න හොදේ. හරිගියොත් අපිටත් කියන්ඩෝ............:P

මෙන්න මෙතන කොලුවෙක් කියලා තියෙනවා ඇඩ්සෙන්ස් ගිනුමක් ගන්න විදියක්. කැමතිනම් ට්‍රයි කරලා බලන්න.  


http://lkbuzz.blogspot.com/2011/11/quickly-active-google-adsense-account.html

eBay කුප්පිය

eBay කීවට eBay ගැනම නෙවෙයි කියන්න යන්නේ, eBay Selling ගැන. ඒ කියන්නේ eBay ගැනම තමයි. හැමෝම හදන්නේ ලේසියෙන් දියුනුවෙන්න, ඒ වගේම ලේසියෙන් සල්ලි හොයන්න. eBay Selling මම කරන්නේ නෑ, මම දන්නෙත් නෑ. දන්නේ ටිකයි, ඒ දන්න ටික කියන්නම්. eBay Selling ලංකාවේ අපිට කරන්න බෑ. ඒ නිසා ඒ වැඩේ හොරටයි කරන්න ඕනේ. පිටරටක විදියට පේපැල් ගිනුමක් තියෙන්න ඕනේ, ඒරටේම විදියට eBay ගිනුමකුත් තියෙනවානම් හොදයි. ඒත් පේපැල් සහ eBay ගිනුම් දෙකේ රටවල් දෙක වෙනස් වුනා කියලා ගැටලුවක් නෑ. ඉස්සර වගේ නෙවෙයි, දැන් ක්‍රෙඩිට් කාඩ් එකක් eBay එකට ඇතුලත් කරන්න ඕනේ. Telephone නම්බරයක් වෙරිෆයි කරන්නත් ඕනේ, ඒකට ඒ රටේ විදියට නම්බරයක් තියෙන්න ඕනේ, ඒ කියන්නේ පිටරට යාලුවෙකුගේ සහය පතන්න ඕනේ.

eBay Selling කරන්න කලින් eBay Buyer කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ Selling කරන ගිනුමෙන් බඩු මුට්‍ටු මිලදී අරගෙන තියෙන්න ඕනේ. IP නම්බර ඒ eBay ගිනුම හදන රටේ විදියට වෙන්න ඕනේ.

eBay Selling කරන යාලුවෙක් මට හම්බවුනා, එයා කීවේ එයාගේ චීන යාලුවෙකුගේ මාර්ගයෙන් ඒ සියලුම දේවල් හදාගත්තා කියලා. එයා චීන IP නම්බරකින් eBay එකට ලොග් වෙනවා කියලත් කිව්වා. කරන්නේ DropShipping කියලත් කීවා. Techඅදියා කියලා තියෙන විදියට අහසින් වැ‍ටුනා වගේ ඊබොක්කට රිංගපු ගමන් Selling කරන්න දෙන්නේ නෑ කියලාත් කිවා.

මේ කරුනු සියල්ලම හොයාගත්තේ එක එක්කෙනාගෙන් අහලා දැනගෙන සහ අන්තර්ජාලයේ සෙවීමෙන්. "eBay කුප්පිය" මේ කොටස සංවාදයට විවෘතයි. මේ ගැන අදහස් උදහස් තියෙනවානම් දක්වලා යන්න. eBay Selling හරියට දන්න කෙනෙක් ඉන්නවානම්, ලෝබ හිතන්නේ නැතිව ලිපි පෙලක් ලියන්න. ඔයාට ලැබෙන ප්‍රමානය දිනෙන් දින වැඩිවෙනවා මිසක් අඩුවෙනවා නෙවෙයි.

PayPal කුප්පිය

පේපැල් ගැන කියන්න දෙයක් තියෙනවා. ඒ US, UK විදියට පේපැල් ගිනුම් හදන්න ඕනේ කියලා යන රාවය නිසා. Malaysia, Indonesia, Philippine විදියට පේපැල් ගිනුම් හදනකොට අපිට Nationality යන්නට SriLanka කියලා යොදන්න පුලුවන්, ඒත් වෙනත් කිසිම රටක විදියට පේපැල් ගිනුම් හදනකොට ඔය Nationality කියලා එකක් ‍තෝරන්නවත් එන්නේ නෑ, බැරිවෙලාවත් අපේ පේපැල් ගිනුම Limit වුනොත් අපිට අපේ පාස්පෝට් එක පෙන්නලා අපේ පේපැල් ගිනුම ලබාගන්න පුලුවන්. මොකද අපිට කියන්න පුලුවන් මම ලංකාවේ කෙනෙක්, මැලේසියාවේ පදිංචිවෙලා ඉන්නකොටයි පේපැල් ගිනුම හැදුවේ කියලා. මේ ඔක්කොම කියන්න පුලුවන් Nationality: Sri Lanka තිබුනොත් පමනයි. මේ ගැන සවිස්තරව මං පේපැල් කුප්පිමාලාවෙන් කියලා දීලා තියෙනවා.

US, UK විදියට හැදුවාම ගැටලු කිහිපයක් තියෙනවා. එකක් තමයි, Limit කලොත් නැවත් ගිනුම ලබාගන්න බැරිවීම. (යම් අවස්ථාවක මුදල් ගෙවීම් පිලිබද පැමිනිල්ලක් වාර්තා වුවහොත් තමාගේ පේපැල් ගිනුමේ අයිතිය හා පදිංචිය තහවුරු කලයුතුයි. මේ සදහා ID Card Copy, DHL Reports, Bank Statements, Bills හා වෙනත් ඔවුන් ඉල්ලන සියලු දේ අප විසින් සැපයිය යුතුයි නැතහොත් අපේ පේපැල් ගිනුම Limit කරනවා, එවිට Send & Withdraw කිරීම අවලංගු වෙනවා. මෙය සම්පූර්ණ ගිනුම අවලංගු කලා හා සමානයි.)

අනෙක තමයි $100 ක ගනුදෙනු කල පසු අනිවාර්යයෙන්ම වෙරිෆයි කල යුතුයි (කාලයෙන් කාලයට $100යේ මුදල වෙනස් වේ). එම වෙරිෆයි කිරීමේදී වීසා හෝ මාස්ටර් කාඩ් පතක් සමග US/UK බැංකුගිනුමක් ඇතුලත් කිරීම අනිවාර්යයයි. අපිට කොහෙන්ද US බැංකුගිනුම්? VCC එකක් දාපුවාම verified කියලා පෙන්නුවත් $100යේ ලිමිට් එක අයින් වෙන්නේ නෑ. මීට ගොඩක් කාලෙකට ඉස්සර ඔය UK/US බැංකු ගිනුම් දාන්න වුවමනාවක් වුනේ නෑ. බැංකු ගිනුම් දාන කේස් එක ආවේ ලගදී. සමහරවිට මේ ක්‍රමය කියලා දෙන කෙනා $100ක් තියා ඩොලර් දෙක තුනකවත් ගනුදෙනු කරලා තියෙනවාද කියන්න මං දන්නේ නෑ. ඒත් ඇත්ත කතාව මේකයි. ඔයාලා මං කියන දේවල්වත් වෙන අය කියනදේවල්වත් පිලිගන්න ඕනේ නෑ. කරලාම බලන්න. එතකොට ඉවරයිනේ.
ඔන්න උඩ තියෙනවා $100 ලිමිට් එක පනින්න ඕන්න-මෙන්න තියෙන එකවුන්ට් එකක්. මේක මට එව්වේ මගේ අතිජාත මිත්‍රයා. එයාගේ තියෙන්නේ මැලේසියන් ගිනුමක් . VCC MARKET එකේ අයිතිකාර මෝඩයා දැන් VCC විකුනන්නේ නෑලු. ඒ නිසා මූට VCC එකක් තාම හොයාගන්න බැරිවෙලා. VCC එකක් ගන්න විස්වාසවන්ත තැනක් තියෙන කෙනෙක් කියන්න හොදේ.

Fiverr කුප්පිය - Express Gigs

ෆිවර් ගැනත් පොඩ්ඩක් කියන්න හිතුවා.  Fiverr කුප්පිය #3න් පිස්සු හැදෙන ගිග් එකක් හැදුවානේ. එහි Time-frame යන්නට 1 දාපුවාම Express Gig එකක් වෙනවා. ගිග් එක හදපුගමන් Express Badge එක වැටෙන්නේ නෑ. පලවෙනි ඕඩර් එක අපි පැය 24ක් ඇතුලතදී deliver කරලා, ඒකට Positive Feedback එකක් ආපු ගමන් Express Badge එක වැටෙනවා. Express ගිග් විකිනෙන සම්භාවිතාවය බොහොම වැඩියි. මොකද ඕකට ගොඩක් එන්නේ හදිස්සිකාරයෝ නිසා. බැරිවෙලාවත් Express Badge එක වැ‍ටුනු ගිග් එකක ඕඩර් එකක් වුනත් අපිට  පැය 24ක් ඇතුලතදී ඉවරකරලා දෙන්න බැරිවුනොත්, එකේ Express Badge එක නැතිවෙලා Time-frame එක automatically 2 වෙනවා. 

Express නැති ගිග් වුනත් නියමිත කාලයේදී අපට සම්පූර්න කරලා දෙන්න බැරිවුනොත් අමතර පැය 24ක කාලයක් අපිට ලැබෙනවා. එතකොටත් බැරිවුනොත් Order Cancel වෙනවා. අපි අමතරව ලබාගන්නා කාලයට අනුව Time-frame එක වැඩිවෙනවා, Time-frame එක වැඩිවෙනවා කියන්නේ ඕඩර් ලැබීමේ සම්භාවිතාවය අඩුවෙනවා කියන එක.
එනවයි එනවයි කීවට තාම නෑ. මං කීවේ රිසල්ට්.:P
ගිහින් එන්නම්,
ඔබට ජය!

( මෙම ලිපියෙහි පූර්ණ අයිතිය iPlus blog කතෘ සතුවේ)


0 comments:

තවත් එකක් නොව සියල්ලටම එකක්.....