Email

කුප්පියක් දාන අස්සේ ඔන්න ආයෙත් බෝතලයක්ම අරගෙන ආවා. හෆ්ෆා මේ දවස්වල හරියට වැඩ. හ්ම්....හ් අමතර කාරනානම් නෑ. ඒ නිසා කුප්පි වලට බහින්නම්.

PayPal කුප්පිය

පේපැල් මුදල් පස්ස දොරෙන් ලංකාවට කියලා Plimus ගැන ලිපි පෙලක් ලීවා මතක ඇති. ඒත් දැන් වැඩේ අල වෙලා. දැන් එයාලාගේ පේමන්ට් ක්‍රම වෙනස් කරලා. පහල මැසේජ් එක බලන්න,



මෙයාලා කියලා තියෙන්නේ පෙපැල් වලින් ලැබෙන මුදල කෙලින්ම අපේ පෙපැල් එකටම බැරකරනවා. එයාලා මැදිහත් වෙන්නේ නෑ කියලා.
මේක කරන ආකාරය මෙයාලා පැහැදිලිව මෙතන දක්වලා තියෙනවා
http://home.plimus.com/ecommerce/learning-center/sellers/settings/paypal-settings
දැන් ඉතින් දුක තමයි. මගින් ආයේ පෙපැල් මුදල් චෙක්කු බවට පත් කරන්න බෑ. මේ සදහා අපිට ඕනේ නම් Fastspring යොදාගන්න පුලුවනි. කැමතිනම් කරලා බලන්න.

ඒ වගේම පෙපැල් මුදල් ලංකාවට ගෙන්වාගන්න තව ක්‍රමයක් Raba කියලා යාලුවෙක් යෝජනා කලා, එයාගේ කොමෙන්ට් එක මං පහලින් උපුටලා දක්වන්නම්.

"පේපැල් වලින් සල්ලි ගෙන්න ගන්න හැටී උඹ කීවනේ වෙන වෙන වෙබ් පිටුවකට සල්ලි මාරු කරල (fastspting neda nama)..
හැබැයි මචන් ඔය අතරමැදි වෙබ් පිටුව වෙනුවට අපි අපේ විස්වාසවන්ත oDesk පිටුව බවිත කලොත්.
ඒ කියන්නේ මම ජොබ් එකක් පොස්ට් කරලා මමම එක කරනවා ( අකවුට් 2 කින් ). හැබැයි ලොකු ගානක් කැපෙනවා.
හැබැයි මට හිතෙන්නේ ඒ ගාන ආයෝජනයක් කර ගන්න පුළුවන්.
1. උඹේ work history එක උඹ කැමති විදිහට හදා ගන්න පුළුවන්.
උඹේ ෆීඩ්බැක් එක, ස්කෝර් එක කැමති විදිහට අයිසින් දාල සැරසිලි කරලා හද ගන්න පුළුවන්, දකින ඕනේ කෙනෙක්ගේ ඇස් උඩ යන විදිහට. වාසිය තේරෙනවනේ. ;-)

2. ඔය ලොකු ලොකු පොරවල් ඔය වැඩේ හරියට කරන්නේ කොහොමද කියල බල ගත්ත හැකි.
මචන් උඹ නොර්මල් විදිහට ජොබ් පොස්ට් එකක් දැම්මොත්, ඕකට වෙන උනුත් apply කරනවනේ. ඔය ලොකු ලොකු සුද්දෝ ඇත්තටම cover letter එක ලියන්නේ කොමද, උන් ඉන්ටවීව් එකට කොමද මූණ දෙන්නේ කියල උඹට බල ගන්න පුළුවන්. wasiya therenawane ;-)

apita oDesk eka hoda anaagathayak hadaganna puluwan.

මේක හරියන්නේ පුළුවන් එකක්ද කියල පොඩ්ඩක් හොයල බලන්න."

 පෙපැල් ගැන තවත් කතාවක් කියන්න තියෙනවා. බොහෝමයක් අය  microworkers (MW) එකේ වැඩ කරනවා නොවැ. ඉතින් අන්න ඒ අයට මේක සුභ ආරන්චියක් වේවි. ඒක තමයි ඇලට්පේ එකට ලැබෙන මුදල් පෙපැල් එකට මාරු කරන ක්‍රමයක් chanakawe@gmail.com කියන යාලුවා එවලා තිබුනා.

එයාගේ කථාව කියන්න ඉස්සර වෙලා ඇලට්පේ සහ පෙපැල් මුදල් මාරු කරන්න මම ඉස්සර භාවිතා කරපු ක්‍රමය කියන්නම්. ඒ ක්‍රමය මෙහෙමයි. හැබැයි අපි මාරු කරනා ගානෙන් 20%ක් ගෝනි බිල්ලෝ කනවා. gigbucks (GB) ගැන දන්නවානොවැ. ඉතින් මේ GB ඉස්සර පෙපැල් සහ ඇලට්පේ කියන Payment Method දෙකටම සහාය දැක්වූවා. ඒ නිසා ඉස්සර මං කලේ මෙහෙමයි,

GB-1 = පලමු ගිග්බක්ස් ගිනුම
GB-2 = දෙවන ගිග්බක්ස් ගිනුම

1. GB එකේ වෙනස් IP නම්බර දෙකකින් ගිනුම් දෙකක් හදනවා. එකම කොම්පීතරෙන් වුනාට කමක් නෑ. ඒත් එකම අවස්තාවේ දෙකටම ලොග් වෙන්නේ නෑ.

2. එක GB-1 ගිනුමෙන් ගෙවනවා අනිත් GB-2 ගිනුමේ ගිග් එකකට.

3. අපි හිතමුකෝ ඇලට්පේ එකෙන් ගෙවීම් කරනවා කියලා. ඔන්න ඊට පස්සේ Gig Deliver කරලා හොද ෆීඩ් බැක් එකකුත් අපිම දමා ගන්නවා. දවස් හතකින් අර ලැබුන මුදල GB-2 ගිනුමේ ක්ලියර් වෙනවානොවැ. ඊට පස්සේ ඒක පෙපැල් එකට withdraw කරනවා.

ඇලට්පේ එකෙන් වියදම්කලා ඒ වියදම් කල මුදලෙන් 80%ක් පෙපැල් එකට ඇවිල්ලා (20% ක් ගාස්තුව ලෙස GB කපාගන්නා නිසා). මේක දැන් යල් පැනගිය, දත් හැලුනු, නාකි, ගොන් ක්‍රමයක්. ඒ වගේම වාසනාවකට හෝ අවාසනාවකට දැන් GB ඇලට්පේ සපෝට් කරන්නෙත් නෑ.

මේකත් එක්කම කියන්නම් මනිබූකස් සහ ඇලට්පේ අතර මුදල් මාරු කරන ක්‍රමයක් ගැන.  මේකේනම් මුදල් නාස්තියක් වෙන්නේ නැති තරම්. වැඩිම වුනොත් 2%ක් විතර නාස්ති වෙයි. Microworkers (MW) තමයි මේකට සහය වෙන සගයා. මේකනම් ලේසියි පහසුයි.  එක පේමන්ට් ක්‍රමයකින් Deposit කලා, වෙනත් පේමන්ට් ක්‍රමයකට Withdraw කලා.

ඒ කියන්නේ මේකයි. අපිට පුලුවනිනේ MW එකේ ජොබ් පෝස්ට් කරන්න. ජොබ් පෝස්ට් කරන්න සල්ලි ඕනේ. සල්ලි ඉස්සරෝම  Deposit කරන්න ඕනේ.  ඒ Deposit කරපු මුදල් එසැනින් අපේ MW ගිනුමට වැටෙනවා. ඒ මුදල් අපේ ගිනුමේ තියෙන සම්පූර්න මුදලත් එක්ක එකතුවෙනවා (හම්බ කරපු මුදල් + Deposit කරපු මුදල්). අන්තිමේට ඒ මුලු මුදලම අපිට Withdraw  කරන්න පුලුවනි.

උදාහරනයක් විදියට ඇලට්පේ මුදල් $10 ක් මනිබුකස් එකට දාගන්න ඕනේ කියලා හිතමු,

Deposit කරන්නේ මෙහෙමයි

Withdraw කරන්නේ මෙහෙමයි

මං දන්නවා මේවා කරන පිරිස බොහොම අඩුයි. ඔක්කෝටම වඩා බයයි. ගෙදරට, ගමට, ඉක්කෝලෙටනම් චන්ඩි. ඒ වුනාට ගූ බයයි මුදල් ගනු දෙනුවක් කරන්න. කරන නොකරන එක පැත්තක තියලා, මෙන්න ක්‍රමේ කොරනවානම්. හැබැයි අර Plimus වගේ එකත් පහුවදාට මේක වහලාදායිද දන්නේ නෑ. මොකද ලංකාවේ ඈයෝ වැඩකට බැස්සොත් එතන හාලා, සීසාලා වප්මගුලත් කරලාමනේ එන්නේ. මොකද ඉතින් මේක කෘෂිකාර්මික රටක් නොවැ. :P

chanakawe@gmail.com කියන යාලුවා එවලා තිබුන. Alertpay --> Paypal මුදල් හුවමාරු ක්‍රමයත් මේ MW එක වගේමයි. මම මේ MW ක්‍රමය ගැන කියලා දුන්නේ මේකත් ඒ වගේමයි කියලා කියන්න ඕනේ නිසා. එකම වෙනස මේ සදහා අපි භාවිතා කරන්නේ joblay.com කියන වෙබ් අඩවිය. මේ ක්‍රමය ඉතාම කෙටියෙන් තමයි කීවේ. කැමතිනම් පොඩ්ඩක් මොලේ කල්පනාකරලා ටැස් කොරලා බලන්න.

ඇලට්පේ ගැන කියනකොට තවත් සතු‍ටුදායක කාරනාවක් තියෙනවා කියන්න. ඔයාලාට පුලුවනි ඉස්සරහට ඇලට්පේ මුදල් ලංකාවේ ATM වලින් රුපියල් කරන්න.

Introducing Alertpay VISA Card 


More info!
Available Countries
(බයවෙන්න එපා ආසියාවේ අශ්චර්යයත් ඇතුලත් වෙලා තියෙන්නේ. මං අර කලින් කිව්වේ, වවාගෙන කන රට!! :P )

මේ වීසා කාඩ් එකට මුලින් වැයවෙන්නේ $20ක්. ඊට පස්සේ අපිට පුලුවනි ඇලට්පේ එකේ තියෙන මුදල් කාඩ් එක හරහා ලංකාවේ ඕනෙම VISA ලකුන තියෙන ATM එකකින් එලියට ගන්න.

මට මේ ඇලට්පේ කාඩ් කතාව මුලින්ම යාලුවෙක් ඊමේල් එකකින් එව්වේ, ඒ ධම්මික මැදගම කියන යාලුවායි.

Fiverr කුප්පිය

 ලිපියක් ලියනකොට ‍ෆිවර් ගැනනම් නොකියාම බෑ. "ඔබද ලක්ෂපති මමද ලක්ෂපති" කියන නමින් ඉස්සරෝම දාපු ‍ෆිවර් කුප්පිය පටන් ගත්තා මතක ඇති. දැන් කියන්න යන්නේ මමයි ලක්ෂපති කියලා.  මොකද ‍ෆිවර් වල වැඩ කරන්න පටන් ගත්ත දවසේ ඉදලා මමනම් දැනට ‍ෆිවර් ගිනුම් 10කට වැඩි ප්‍රමානයක් ආං බාං කලා. වෙන වෙනම ඒ ‍ෆිවර් ගිනුම් සියල්ලේම screenshot එක බැගින් මං මෙතන දාලා තියෙනවා. කැමතිනම් ගිහින් බලන්න.
http://iplusblog.weebly.com/my-fiverr-payments.html

ඔක්කොම එකවුන්ට් වල එකතුව $1000 කට වඩා එනවා. දක්ෂයෙකුට ‍ෆිවර් කියන්නේ ඉෂ්ඨ දෙවියෙක් වගේ කෙනෙක්. තවත් මේ ලිපිය කියවන කෙනෙක් ඉන්නවානම් ‍ෆිවර් එකේ වැඩ කරන්නෙ නැති, එයාට මං මොනවා කියන්නද කියලා මටම තේරෙන්නේ නෑ.

හැමෝම හොයන්නේ මෝඩ ලේසි ක්‍රම. ඒවාට තව නමකුත් දාගන්නවා "රහස් ක්‍රම" කියලා. හොයන්නේම  ලේසි වැඩ. චුට්ටක් මහන්සිවෙලා $4ක් හොයනවාට වඩා කැමතියි එක ක්ලික් එකක් දාලා හම්බෙන $0.001 ගන්න. අනේ මංදා ඉතින්. කවුරුත් දන්නවානේ දැන් දැන් පොඩි මිනිහාට ජීවත් වෙන්න අමාරුයි. අධිවේගී මාර්ග හැදුවාට ඒවායේ යන්න මිනිස්සු කාලා ඇදලා කෙලින් ඉන්න එපායෑ.

මං මේ ආන්ඩුවට බනිනවාවත් සංවර්ධනේ නරකයි කියනවාවත් නෙවෙයි. මගේ අදහසනම් අනුන්ගේ රෙස්පට් වලට, බලපුලුවන්කාරකම් වලට අත්පුඩි ගහ ගහා ඉන්නේ නැතිව තමන්ට මොනවා හරි කර ගන්න බලන්න ඕනේ කියලා.  මේ ලිපිය කියවන ඔයා තාමත් ඉගෙනගන්න වයසේ පසුවෙන කෙනෙක්නම් කොහොම හරි හොදට ඉගෙනගෙන, කාලා ඇදලා ඉන්න ඕනේ නම් විද්‍යා විශයක් ‍තෝරාගෙන උසස් පෙල කරලා අඩුම තරමේ SSS ක් වත් දාගෙන. හොද රස්සාවක් අල්ලාගන්න. ඒ සියල්ල කරන අතරේ මෙන්න තියෙනවා අමතර ආදායම් ලබන ක්‍රම. ඇත්තටම අපි කොච්චර වෙහෙසෙනවා කීවත් කොම්පීතරේ වෙනුවෙන් අපි කරන්නේ ඇගිලි ටික හොල්ලන එක විතරනේ.  ඉතින් ඇගිලි හොල්ලලා සල්ලි ගොඩක් හොයන්න තියන අති සාර්ථකම ක්‍රමය ‍ෆිවර් විතරයි.

 අපි හිතමුකෝ පෙපැල් සල්ලි ගෙන්නාගන්න හරිහමන් විදියක් ඇත්තේම නෑ කියලා. එතකොට පුලුවනි ඒ මුදල් වලින් වටිනා යමක් ගෙන්නලා අපිට මෙහේ විකුනන්න. ලාභ තිබුනත් නැතත් අපිට වියදම් වූ පෙපැල් මුදල රුපියල් ලෙස ලංකාවෙන් ලැබෙනවානම් එච්චරයිනේ. මේ කීවේ මට හිතෙන හැටි විතරයි. ඔයාගේ අදහස මීට හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවනි.

 හරි අපි ආයේ කුප්පියට බහිමු,  2012 වසරේ ‍ෆිවර්හි ආපු අලුත්ම දේ තමයි fiverr levels. ඉතින් මේ අලුත් දේ ගැනත් මට තේරෙන හැටියට පොඩ්ඩක් ලියන්න හිතුවා. fiverr levels කියන්නේ ගිග් වැඩි ප්‍රමානයක් විකුනනකොට ඒ විකුනන ප්‍රමානය අනුව අපිට ලැබෙන පදක්කමක් වගේ දෙයක්. පොලීසියේ තනතුරු පදක්කම් හා උසස්වීම වලින් මනිනවා වගේ. ‍ෆිවර් වෙලෙන්දාගේ දක්ෂකම මේ fiverr levels වලින් විදහා දක්වනවා. මේක සිංහලෙන් රූපයකින් පැහැදිලි කරන්නම්.

මොනවද මේ Gig Extras

 සමහර ගිග් වල යටින් මෙන්න මේ වගේ අමතර දෙයක් තියෙනවා දැකලා ඇති. 
Level එකකට උසස් වීම් ලැබූ ඕනෑම වෙලෙන්දෙකුට මේ අමතර සේවාව පවත්වාගෙන ගිහින් වැඩි ආදායමක් උපයාගන්න පුලුවනි.

Extras ගිග් එකකට දාන්නේ මෙහෙමයි. ගිග් එක හදනකොට පහලම තියෙනවා "Add Gig Extras" කියලා බොත්තමක්. 
අන්න ඒ බොත්තම ඔබලා අපට ලැබෙන නව කො‍ටුවේ අපේ අමතර සේවාව සදහන් කල හැකියි. ඒ කො‍ටුවේ සදහන් කරන්නේ I will කියන මුල් වචන දෙකට ගැලපෙන විදියටයි හොදේ.
 ෆිවර් එකේ වැඩ කරගෙන යනකොට මං දැක්කා බොහොම උත්සාහවන්ත ලංකාවේ කොල්ලෙක්.  ඒ වගේම හැමෝම නටන නාඩගම් වලට වඩා වෙනස් නාඩගමක් මෙයා නටනවා. හැමදාම අලුත් දෙයක් කරන මිනිස්සු දියුනුවෙනවා. මෙතන මේ ‍ෆිවර් ගිනුමේ අයිතිකාරයා ඉන්නවාද කියලානම් මං දන්නේ නෑ. ඒත් එළ භාන්ඩ ටිකක් හයර් කරලා තියෙනවා වගේ පේනවා.  සිරාවටම කියනවානම් මේ ‍ෆිවර් වීඩියෝ දැක්කාම මට ඇද අස්සේ රිංගන්න හිතෙනවා, ලැජ්ජාවේ පන යනවා. http://fiverr.com/asokarox

Featured වෙන්නේ කොහොමද?

Featured කියන ලාංඡනය දාපු ගිග් ඕන තරම් දැකලා ඇති. ඉතින් මේ Featured වෙන්නේ කොහොමද කියලා කියන්න හිතුවා. Featured  වුනාම අපේ ගිග් එක ‍ෆිවර් අඩවියේ මුල් පි‍ටුවල දිස්වෙනවා. එතකොට අපිට වෙළාදාම ජයටම කරගෙන හොද ආදායමක් ලබාගන්න පුලුවන්. මේ ලාංඡනය ලබාගන්න ප්‍රධාන සාධක දෙකක් බලපානවා.

1. යම්කිසි විශය ක්ෂේත්‍රයකට ව්ශේෂ දක්ශකම් දැක්වීම
2. තමා විකුනන හැකියාව අන් අය ලග දුලභ වීම (එකම සේවාව ලබාදෙන ගිග් ප්‍රමානය අඩුවීම)

ඉතින් මෙන්න මේ කරුනු කාරනා දෙක නිවරදිව සම්පූර්ණ කරගත්තොත් ඕනෙම කෙනෙකුට Featured ලාංඡනයක් ගන්න පුලුවන්.  හැබැයි ඒ ලාංඡනය බොහොව විට හම්බෙන්නේ එක් විශයකට අදාලව එක්කෙනෙකුට විතරයි. උදාහරනයක් කීවොත් ඉහත eBook Cover නිර්මානය කරන කෙනාට විතරයි. තවත් eBook Cover නිර්මානය කරන අය කොච්චර හිටියත් එයාල මෙයට වඩා දක්ශ වුනත් නැතත් ආයේ වෙන කාටවත් හම්බෙන්නේ නෑ. මේකට ටිකක් වාසනාවත් බලපානවා.
ගිහින් එන්නම්,

ඔබට ජය!

( මෙම ලිපියෙහි පූර්ණ අයිතිය iPlus blog කතෘ සතුවේ)


0 comments:

තවත් එකක් නොව සියල්ලටම එකක්.....