Email
ඔන්න අද ආවේ දෙවෙනි බෝතලයත් අරගෙන. අමතරව කියන්න වෙනත් ඕපාදූප මුකුත් නැති නිසා කෙලින්ම කුප්පි වලට බහින්නම්.

PayPal කුප්පිය

පේපැල් ගැන කීවට පේපැල් සහ ලංකාවේ බැංකු ගැනයි කියන්න යන්නේ. ගොඩක් අය පේපැල් වෙරිෆයි කිරීමට භාවිතා කරන්නේ HNB & Sampath Visa නේ. ඒ නිසා ඒකෙන්ම කථාවට බහින්නම්.

HNB Visa ඩෙබිට් කාඩ් පත ගැන

ඔයාලා පෙපෑල් වෙරිෆයි කිරීමට මේ ඩෙබිට් කාඩ් පතක් ගන්නවානම්, මේ දේවලුත් දැන කියාගෙන තියෙන එක හොදයි. අපි බැංකුවට ගිහින් කියන්නේ නෑ මම හොර පේපැල් එකක් හදලා තියෙන්නේ. ඒකෙන් සල්ලි මේ කාඩ් එකට දාන්නයි අරගෙන යන්නේ කියලා. කාඩ් එකට සල්ලි එයි නේද? අහුවුනොත් මොකද වෙන්නේ? මේවා කියන්න එපා. එහෙම කීවොත් සිකුරුටි මහත්තයා ඔයාව පොලෝසියට ඇදගෙන යාවි.
HNB එකේ දැනට තියෙන්නේ එකම එක Visa කාඩ් පතක්. ඒ නිසා අපි කියන්නේ ඉතිරිකිරීමේ ගිනුමකුයි, ඩෙබිට් කාඩ් එකකුයි හදලා දෙන්න කියලා. එහෙම කීවම එයලා පෝරම තුනක් දෙයි. එකක් කාඩ් එකට, අනික ඉතිරිකිරීමේ ගිනුමට, අනික ආදායම් විස්තර තියෙන පෝරමය.

මේවා එක්ක සාමාන්‍යයෙන් දෙන්නේ නැති පෝරමයක් තියෙනවා. ඒක තමයි ඔන්ලයින් එකවුන්ට් එකක් සෑදීමේ පෝරමය. මේ ඔන්ලයින් එකවුන්ට් එකෙන් ATM එකකට නොයා, අපේ ගිනුමේ ශේෂය ඔන්ලයින් දැනගන්න පුලුවන්. මේ පෝරමයත් මතක් කරලා ඉල්ලාගන්න. මේ ඔන්ලයින් එකවුන්ට් එක ඇක්ටිව් වෙන්න සති දෙකක් විතර යනවා කියලයි බැංකුවෙන් කීවේ. https://www.hnb.lk/about_ibanking.html

ඒ වගෙම Hatton National බැංකුව ඒ වෙලාවේම බැංකු ගිනුමත්, ඩෙබිට් කාඩ් එකත් අපේ අතට ලබා දෙනවා. Debit කාඩ් එක ඇක්ටිව් වෙන්න දින දෙකක් හෝ තුනක් යනවා. මට මෙච්චරකල් තිබුනේ සම්පත් ගිනුම්. ඔන්න මමත් HNB ගිනුමක් හදාගත්තා. ගිනුමටයි කාඩ් එකටයි ඔක්කෝටම ගියේ රු. 2000යි. සමහරුනම් කියනවා කාඩ් එකට වෙනම රු.300ක් ගන්නවා කියලා. ඒත් මගෙන් නම් ගත්තේ නෑ.

HNB කාඩ් එක පේපැල් වලටා දාපුවාම පේපැල් කෝඩ් එක බැංකුවට එවනවා. සම්පත් බැංකුවේනම් එසැනින් කෝල් එක දාපු ගමන් අපිට අපේ PayPal කෝඩ් එක දෙනවා. ඒත් හැටන් නැෂනල් එකේ දින දෙකක් යනවා මේ කේතය බැංකුවට එන්න. අපිට බැංකුවෙන් PayPal කෝඩ් එක ගන්න වෙන්නේ කාඩ් එක පේපැල් වලට දාලා දින දෙකකින්. HNB Card Center: 011 2671955

මේ ඩෙබිට් කාඩ් එක බැංකු ගිනුමත් එක්ක සම්බන්ද කරලයි තියෙන්නේ. කාඩ් එකට එන මුදල් ගිනුමේ තැන්පත් වෙනවා. පහල දාලා තියෙන්නේ මං අද ගත්ත HNB කාඩ් එකේ රූපයක්. ඔයාලාට පේනවා ඇති VISA ලකුන තියෙන පැත්තේ උඩින් International Debit කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ මේ කාඩ්පතින් ලෝකේ ඕනෑම ගෙවීමක් කරන්න පුලුවන්. ලෝකේ ඕනෑම VISA ලකුන තියෙන ATM එකකින් සල්ලි ගන්නත් පුලුවන්. මට මේ HNB කාඩ් එක ගැන ඉගෙනගන්න උදව් කලේ, නාලක ප්‍රසාද් කොලුවා සහ slbloggs කොලුවා. ඒ දෙන්නාට බොහොම ස්තූතියි!
නාලක ප්‍රසාද් කොලුවා එවපු ඊමේල් එකෙන් වැදගත් කොටසක් පහලින් දාන්නම්. ඔයාලටත් ඒක ගොඩක් වැදගත් වේවි.

"මචන් මේකයි විස්තරේ අද කොල්ල කාඩ් එක ගත්තනම් කොල්ලට බැංකු පොතයි, කාඩ් එකයි, තව සීල් කරපු ලියුම් කවරෙකුයි(මේකෙ ඇතුලෙ තමයි කොල්ලගෙ default card pin එක තියෙන්නෙ) ලැබුනනේ. කාඩ් එක දැනටමත් ඇක්ටිවි වෙලා තියෙන්නෙ. ඒ කියන්නේ කොල්ලට town එකට ගිහින් ATM එකකට ඔක දාල කොල්ලගෙ ගිණුමෙන් මුදල් ගන්න පුලුවන්. සමහර අය කියනවා කාඩ් එක ATM එකට දාල තමන්කැමති PIN එකක් සෙට් කන්නම ඕනෙ කියල කාඩ් එක ඇක්ටිව් වෙන්න. ඒක බොරුකතාවක් මචන්. කොල්ල කැමතිනම් කොල්ලට කාඩ් එක ගන්නකොටම ලැබුනු PIN එක උනත් බාවිතා කරන්න පුලුවන්. නැත්නම් ඉඩ තියෙන වෙලාවක ATM එකට ඕක දාල දැනට තියෙන PIN එක ගහල තමන් කැමති PIN එකක් දාගන්නත් පුලුවන්.

හැබැයි මචන් කාඩ් එක තාම අන්තර්ජාල ගණුදෙනු සඳහා ඇක්ටිවි වෙලා නැහැ. කොල්ලා ඒ සඳහා ඉල්ලීමක් කරන තාක් කාඩ් එක අන්තර්ජාල ගණුදෙනු සඳහා ඇක්ටිවි වෙන්නේ නැහැ. ඒ ආරක්ෂිත‍ හේතු මත. ඉතින් මචන් උබ පේපැල් එකට කාඩ් එක ලිංක් කරන්න කලින් කාඩ් එක අන්තර්ජාල ගණුදෙනු සඳහා ඇක්ටිවි කරගන්නම අවශ්‍යයි. නැත්නම් පේපැල් පිස්සු නටනවා. මේ සඳහා කොල්ලා HNB කාඩ් සෙන්ටර් එකට කොල් කරලා කියන්න ඕනෙ මට අන්තර්ජාල ගණුදෙනු සඳහා කාඩ් එක ඇක්ටිවි කරගන්න ඕනෙ කියලා. මම නම් මචන් කාඩ් එක එක්ස්පයර් වෙන දිනය දක්වාම ඇක්ටිව් කරගත්ත. කොල්ලට ඕනෙනම් සතියකට, මාසෙකට උනත් ඇක්ටිවි කරගන්න පුලුවන්. නැවත ඇක්ටිව් කරගන්න ඕනෙ උනත් කරන්න තියෙන්නෙ පොඩි පහේ කෝ‍ල් එකක් දෙන එක විතරයි මචන්. අපරාදෙ කියන්න බැහැ පට්ට ස්පීඩ් සර්විස් එක මචන්. HNB කාඩ් සෙන්ටර්  එකේ දුරකථන අංකය කාඩ් එකේ ඉදිරිපස පහලින් තියෙනවා(011-2671955). මෙකෙදි කොල්ලගෙ අනන්‍යතාවය තහවරුකරගැනීමට. තමන්ගේ සම්පූර්ණ නම, කාඩ් අංකය, වගේ තොරතුරු ටිකක් අහයි ඒනිසා කොල්ලා ඒටික ලඟ තියාගෙන කොල්එක ගන්න."

හැබැයි මං බැංකුවට කෝල් කරපුවාම කීවා, කාඩ් එක අරගෙන දවස් තුනක් ඉවසන් ඉන්න ගිනුම ඇක්ටිව් කරනකන් කියලා.

Sampath ඩෙබිට් කාඩ් පත් ගැන

 පේපැල් වෙරිෆයි කිරීම සදහා අපිට භාවිතා කරන්න පුලුවන් Sampath Web Card එක පමනයි. මේ වෙබ් කාඩ් එකකට ඉල්ලුම් කරලා සති දෙකකින් ගෙදරට ලියුමක් එවනවා කාඩ් එක ඇවිල්ලා තියෙන්නේ අරන් යන්න ලගම ශාඛාවට එන්න කියලා. කාඩ් එක අරන් ඇවිල්ලා පේපැල් වලට දාපු ගමන් කෝල් කරලා PayPal කෝඩ් එක ඉලාගන්න පුලුවන්.මට මේ වෙබ් කාඩ් එක ගන්නකොට මගෙන් අය කලේ රු.2000යි.

තව ගොඩක් අය දන්නේ නැති දෙයක් තියෙනවා. HNB කාඩ් එකට වගේම මේ සම්පත් වෙබ් කාඩ් එකටත් මුදල් withdraw කරන්න පුලුවන්. PayPal වලින් Withdraw  කරන මුදල් වීසා කාඩ් එකට වැ‍ටුනත් වීසා කාඩ් එකේ සල්ලි එහෙමම තියෙනවා ඇරෙන්න බැංකු ගිනුමකට බැරවීමක් වෙන්නේ නෑ. අපිට ඕනේ නම් පුලුවනි වෙබ් කාඩ් එක "සම්පත් විශ්ව" කියන බැංකු ගිනුමක් එක්ක ලින්ක් කරන්න. එතකොට අර HNB කාඩ් එක වගේම එයාලා අපිට ඔන්ලයින් ගිනුමක් හදලා දෙනවා, වෙබ් කාඩ් එකෙන් අන්තර්ජාතික ගනුදෙනු කරන්න.

සම්පත් බැංකුවේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමකටත් දෙනවා Visa ඩෙබිට් කාඩ් පතක්. ඒත් ඒක අපිට පේපැල් වලට දාන්න බෑ. ඒ වගේම අන්තර්ජාතිකව ගනුදෙනු කරන්න බෑ. එකෙන් පුලුවන් ඉතිරිකිරීමේ ගිනුමේ තියෙන මුදල් ඕනේම VISA ලකුන තියෙන ATM එකකින් එලියට ගන්න විතරයි. මං මේ කියන කතාන්දර නිකන් ඉන්න ගමන් මට හිතුන ඒවා නෙවෙයි. සම්පත් බැංකුවෙන්ම අහලා දැනගත්ත ඒවා.
Sampath Card Center: 011 2300604

Standard Chartered බැංකුව ගැන

මේ බැංකුවත් පේපැල් සදහා අමුතුම ආකාරයේ කාඩ් එකක් දෙනවා. මේක Credit කාඩ් එකක්. ඒ කියන්නේ පෙර ගෙවුම් කාඩ් එකක් නෙවෙයි. පසු ගෙවුම් කාඩ් එකක්.  මේකට එන මුදල් අපිට රුපියල් කරලා ලංකාවෙන් ගන්න පුලුවන්. Online Banking කරන්නත් පුලුවන්. මගේ අතිජාත මිත්‍රයාට VCC එකක් හොයා ගන්න බැරිවුනානේ. ඊට පස්සේ එයා මේ කාඩ් එකක් හදාගෙන. අවුරුද්දට යම් මුදලක් කාඩ් එකට ගෙවන්න ඕනේ. මොකද මේක ණය කාඩ් පතක්නේ. මීට වඩා විස්තරනම් මම දන්නේ නෑ. Hotline: 0112 480 480

Fiverr කුප්පිය

මගේ ආදරනීය Fiverr ගැනත් පොඩ්ඩක් කියන්න හිතුවා. ඒකේ වැඩකරන හැටිවත් එහෙමත් නැත්නම් ඈනුම් යන විස්තරයක්වත් නෙවෙයි කියන්න යන්නේ. මං fiverr ට්‍රයි කරන කාලේ ඊබුක්කු කීපයකින් හොද දැනුමක් ලබාගත්තා. ඒවා ඔයාලටත් දෙන්නයි හදන්නේ.

Money On Fiverr

මේ ඊබුක්කුවේ fiverr ගැන මුල ඉදන් සරලව තියෙනවා. ඊට අමතරව කොහොමද twitter followers බිස්නස් එක කරන්නේ කියලා තියෙනවා. ඒ කියන්නේ ඔය fiverr එකේ ඉන්න ගොඩක් වෙලෙන්දෝ twitter followersලා විකුනනාවානේ. 500 followers, 1000 followers විදියට. අන්න එහෙම කරන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර තියෙනවා. හැබැයි මාර කේස් එක කියන්නේ, මට මේක තාම අල්ලා ගන්න බැරිවුනා. කියලා තියෙන දේවල් නොතේරෙනවත් නෙවෙයි. ඒත්.... අනේ මංදා. මේක කියවලා හොදට තේරෙන කෙනෙක් කැමතිනම් මටත් කියලා දෙන්න.
Download Money On Fiverr pdf 1MB:
http://www.box.com/s/z8aud5yvotbb6lp0lqo7

Fiverr Fast Cash

මේ ඊබුක්කුවේ තියෙනවා කොහොමද ඩිසයින් බැරිව ඩිසයින් වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ පොටෝෂොප්, ඉලස්ට්‍රේටර් වගේ දේවල් දන්නේ නැති වුනත්, ආදේශක සරල මෘදුකාංග මගින් ඩිසයින් වැඩ කරන හැටි.
Download Fiverr Fast Cash pdf 800KB:
http://www.box.com/s/vs5q5lgc4sh0lxqvktx2

eMoney කුප්පිය

 මීට කලින් කියලා නැති වෙබ් අඩවියක් හදුන්වා දෙන්නයි යන්නේ. මට මේ වෙබ් අඩවිය ගැන කීවේ සාගරය බ්ලොක්කය ලියන තරංග දර්ශන කොලුවා. ඒ කොලුවාට බොහොම ස්තූතියි!

මේ වෙබ් අඩවිය තමයි videobb.com .  මේ වෙබ් අඩවිය නිකන් YouTube වගේ වෙබ් අඩවියක්. එකම වෙනසකට තියෙන්නේ. වීඩියෝව බලන ප්‍රමානය අනුව අපිට සල්ලි හම්බෙනවා. ලක්ෂ, කෝට් ගනන් හොයන්න බැරිවුනත්, PTC පස්සේ දුවනවාට වඩානම් ආදායමක් හොයන්න පුලුවන්. Referral Program  එකකුත් තියෙනවා. ඒකෙන් අමතර 25% ගානේ හොයන්නත් පුලුවන්. මුදල් ගෙවන්නේ මෙහෙමයි. Alertpay සහ පේපැල් වලට $20 පිරුනාම withdraw කරන්න පුලුවන්. 

දැන් හිතනවා ඇති, උබනම් කියයි; ලංකාවේ ඉන්ටනෙට් මාර ස්පීඩ් හින්දා අප්ලෝඩ් කොරන්නේ කොහොමද කියලා. අපි අපේ Bandwidth එක විනාස කරගෙන වීඩියෝ අප්ලෝඩ් කරන්න ඕනේ නෑ. අපි මේකෙත් කරන්නේ රිමෝට් අප්ලෝඩ්. මතක ඇති අපි අර filesonic වල කලේ.  YouTube වැනි අඩවි වලින් රිමෝට් අප්ලෝඩ් කරන්න පුලුවන්. Youtube වලින් රිමෝට් අප්ලෝඩ් කරන්නේ මෙහෙමයි.



මුදල් හොයන්න පටන් ගන්න ඉස්සරලා මතක් කරලා Settings වල ඔයාගේ ඇලට්පේ හෝ පේපැල් ලිපිනය සදහන් කරන්න.

ලිපිය අහවර කරන්නයි යන්නේ. මං ලිපිය මුලින් කීවේ අද HNB කාඩ් එකක් ගත්තා කියලා. ලිපිය ඉවර කරන දවස ඒ කියන්නේ අදට කාඩ් එක අරන් දවස් තුනයි. පේනවානොවැ තියෙන කම්මැළිකොම.

ගිහින් එන්නම්,
ඔබට ජය!

( මෙම ලිපියෙහි පූර්ණ අයිතිය iPlus blog කතෘ සතුවේ)


0 comments:

තවත් එකක් නොව සියල්ලටම එකක්.....