Email
මේ ලිපියෙන් මෙන්න මේ කරුණු කියන්න බලාපොරොත්තු වෙනවා.

1. Auto Blog Samurai වලින් ස්වයංක්‍රීය බ්ලොක්කයක් සෑදීම හා පවත්වාගෙන යාම.
2. මොකක්ද මේ Google Analytics ? මොකටද තියෙන්නේ
3. Backlinks කොහොමද හදන්නේ? මොකටද තියෙන්නේ?
4. හැමෝම වහෙන් ඔරෝ කියන, අපි නොදන්න SEO
5. Senuke X සරලව

අපි බලමු එකින් එක. මූලිකව මේ කරුනු දැනගන්න ඕනේ. දැනට ලෝකයේ වැඩිපුරම භාවිතා කරන බ්ලොග් වර්ග දෙක තමයි වර්ඩ්ප්‍රෙස් සහ බ්ලොගර් කියන්නේ. මේ දෙකෙන් ඉතාමත් සරල, සම්පූර්ණයෙන්ම නොමිලේ භාවිතා කරන්න පුලුවන් බ්ලොගර් කියන බ්ලොග් සේවාව. Blogger සහ WordPress අතර වෙනස්කම් හොදින් මෙතන යාලුවෙක් දක්වලා තියෙනවා.


Blogger vs WordPress
බ්ලොගර් බ්ලොක්කයක් හදාගන්න හැටි මෙතන යාලුවෙක් සම්පූර්ණ ලිපි පෙලක් ලියලා තියෙනවා.

බ්ලොග් අඩවියක් සාදාගන්නා ආකාරය

1. Auto Blog Samurai (ABS)වලින් ස්වයංක්‍රීය බ්ලොක්කයක් සෑදීම හා පවත්වාගෙන යාම

Auto Blog Samurai කියන්නේ මෘදුකාංගයක්. මේකේ මූලික යාන්ත්‍රනය මෙහෙමයි.

*අපි විසින් කලින් බ්ලොගර් ගිනුමක ලියාපදිංචි වී ඉන් පසුව එහි Username සහ Password එක මේ ABS වෙත ලබාදෙනවා
* ඒ සමගම මේ වෙබ් අඩවිය ඉබේ ලියවීම පිනිස තොරතුරු ලබාගැනීමට ලෝකයේ දැනට පවතින ඕනේම වෙබ් අඩවියක RSS ලිපිනයක් හෝ කිහිපයක් ඇතුලත් කරන්න පුලුවන්.
* Auto Blog කීවාට මේවා සදාකල් ඉබේ ලියවෙන්නේ නෑ. මේවා කාලයෙන් කාලයට අප විසින් අප්ඩේට් කරන්න ඕනේ, අමාරු නෑ සතියකට විතර සැරයක් මේ ABS මෘදුකාංගය Run කරපුවාම ඇති.
* ලංකාවේ අපිටත් Genuine Adsense ගිනුමක් ලිපියේ පරිදි මේ මෘදුකාංගය විසි ස්වයංක්‍රීයව Source link එකක් ඇතුලත් කරනවා ඒනිසා කිසිම Copyright ගැටලුවක් එන්නේ නෑ.
* මෙහි මූලික ක්‍රියාපිලිවෙත නම් RSS ලිපිනයෙන් ලිපි කොපි කර ඒවා අපේ බ්ලොක්කයේ පල කිරීමයි, ඒ පලකිරීමේදී Scheduled Draft ලෙස පලකරයි (බ්ලොක්කයේ සේව් කර තබා කාලයෙන් කාලයට ස්ව්යංක්‍රීයව ලිපි පලවේ).

Auto Blog Samurai මෘදුකාංගය මෙතැනින් ගන්න

http://depositfiles.com/files/dr30jo572

ABS ඉන්ස්ටෝල් කරනන්නේ මෙහෙමයි
ඩවුන්ලෝඩ් කරගත්තු ෆයිලය WinRAR මගින් extract කරගන්න.

1. Setup ෆයිලය (Double Click --> Next --> Next --> Finish)
2. Crack ෆයිලය කොපි කරන්නේ මෙහෙමයි 


Program files -- > ABS --> Auto Blog Samurai වෙත යන්න


පලමු වතාවට මෘදුකාංගය ධාවනය කරනකොට ඊමේල් ලිපිනයක් ඉල්ලනවා. ඒකට ඕය මොකක්හරි කැමති ඊමේල් එකක් දෙන්න. එතකොට ඔක්කොම වැඩ සම්පූර්ණයි


එහෙනම් ඔන්න ඔටෝ බ්ලොක්කයක් පටා....න් ගමු
ඉස්සරෝම කරන්නේ මෘදුකාංගයට බ්ලොක්කයක් ඇතුලත් කරන එක.
    

(3) Connect and get Blogs බොත්තම ඔබලා තත්පර කිහිපයක් ඉන්න
 රූපවල පේනවා Enable FTP Future කියලා පහසුකමක්. මේක තියෙන්නේ පින්තූර අප්ලෝඩ් කිරීමටයි. ඒත් මේ පහසුකම ලබාගන්න අපි මුදල් ගෙවලා Hosting ගන්න ඕනේ. ‍ෆ්‍රී හොස්ටින් වලින් කරලා බැලුවත් සාර්ථක නෑ. ඒනිසා අපි දැනට පින්තූර ඉවත්කල ලිපි ස්වයංක්‍රීයව ලියවෙන හැටි බලමු.
Post Schedule: ලිපියක් ලියැවෙන්න ඕනේ කොපමන කාලයකට සැරයක්ද කියලා සකසන්න ඕනේ. සාමාන්‍යයෙන් පැය 3-4 වගේ තමයි හොද.
කලින් කීවනේ අපි ලිපි කොපි කරන්න ඕනේ වෙබ් අඩවියේ  RSS ලිපිනය හොයාගන්න ඕනේ.  හොයාගන්න මෙහෙමයි,

ඊටපස්සේ ඒ Copy කරගත්තු RSS ලිපිනය (1) හි Paste (Ctrl+V) කරනවා

(4) Blog Details:  ඔබේ බ්ලොගර් ගිනුමක බ්ලොග් කිහිපයක් තියෙනවානම් ඒ බ්ලොක්ක අතරින් කුමන බ්ලොක්කයදැයි ‍තෝරන්න ඕනේ

අංක 5 බොත්තම එබුවාම බ්ලොක්කය, මෘදුකාංගයට ඇතුලත් කිරීම සම්පූර්නයි. අපිට පුලුවනි එක් බ්ලොක්කයකට RSS ලිපින කිහිපයක් වුවත් ඇතුලත් කරන්න.  එය කරන ආකාරය පහල B මගින් පෙන්වා තියෙනවා.

A මගින් ඇතුලත්කල RSS ලිපින අප්ඩේට් කල හැකියි
B  මගින් අලුත් RSS ලිපිනයක් ලබාදෙන්න පුලුවන්

තව තවත් RSS ලිපින ඇතුලත් කිරීමට අවශ්‍යතාවයක් නැත්නම් A පිවිසුමට ඇතුලත් වන්න. එවිට RSS ලිපිනයට අදාල නව ලිපි ස්වයංක්‍රීයව කොම්පීතරේට කොපි කරයි.
දැන් කොම්පීතරේට කොපි කල ලිපි සියල්ල 1 සහ 2 අනුගමනය කිරීමෙන් ඔබේ බ්ලොක්කයට කොපි කල හැකියි. ඒත් සමගම පහල පින්තූරයත් බලන්න.

දැන් ඔබගේ බ්ලොගර් ගිනුමට ලොග් වුවහොත් නව ලිපි රාශියක් ස්වයංක්‍රීයව පලවීමට සූදානම්ව ගබඩා වී ඇත.
 පහල රූපයෙන් දින කීයක් ස්වයංක්‍රීයව ලිපි පලවේදැයි සිතාගත හැකියි.

 Auto Blog Samurai  වලින් කරන Autoblog සාර්ථකද?

සාර්ථකත්වය ප්‍රතිශතයක් විදියට කීවොත් 80%ක් සාර්ථකයි. අඩුපාඩු නැතුවමත් නෙවෙයි. ප්‍රධානම කාරනය තමයි හොද ට්‍රැ‍ෆික් එකක් තියෙන්න ඕනේ. මගේ ඔටෝ බ්ලොක්කයේ ආදායම පෙන්වන්නම්. එතකොට හිතාගත්තෑහැකි ලාභද පාඩුද කියලා.  අනික තමයි අපිට රූප මාධ්‍ය ස්වයංක්‍රීයව පලකිරීම අපහසු වීම මේකේ තියෙන අවාසියක්. ඒවගේම අපි බ්ලොක් අඩවියක් හදනකොට කල යුතුම ප්‍රධාන දේවල් කිහිපයක් තියෙනවා. ඒ දේවල් පහලට පහලට කියවාගෙන යද්දී හම්බවේවි. මොකද කලයකට වතුර පුරවන්න ඒකේ කට උඩ පැත්තට තියෙන්න එපායැ. අනිත් පැත්ත හරවලා පිරෙව්වාට පිරෙන්නේ නැති බව අමුතුවෙන් කියන්න ඕනේයැ.

2. මොකක්ද මේ Google Analytics ? මොකටද තියෙන්නේ

 කලින් කොටසේ අන්තිමේට කීවනේ කළයක කේස් එකක්. ඉතින් ඒක ටිකක් විස්තර කරන්නම්. අපි ඔටෝ බ්ලොක්කයක් විතරක් නෙවේ. ඕනේම බ්ලොක්කයක් ආරම්භ කරනකොට කලයුතුම කාරනා කිහිපයක් තියෙනවා. ඒවානම්,

1. නව Template එකක් දමා, Meta Tag ඇතුලත් කල යුතුයි.
2. බ්ලොක්කයට අදාලව Google Analytics සක්‍රීය කලයුතුයි.
3. Top Level Domain (.com, .net, .org, .info) එකක් තිබිය යුතුයි.
4. PR 4- PR9 Backlinks සහ High PR Social Bookmarks තිබිය යුතුයි.


ඉහත "තිබිය යුතුයි." කියලා කීවාට කෙනෙක් කියයි ඇයි මගේ බ්ලොක්කයට ඕවා නැතිව ඕන තරම සෙනග එන්නේ කියලා. ඒත් මම මේ කථාකරන්නේ ඇඩ්සෙන්ස් සම්බන්දව, ඉංග්‍රීසි බ්ලොක්කයකින් මුදල් සෙවීම සම්බන්ධවයි කියලාත් මතක් කොරගන්නවා හොදයි.

1. නව Template එකක් දමා, Meta Tag ඇතුලත් කල යුතුයි.

btemplates.com වගේ වෙබ් අඩවි වල හොද ටෙම්ප්ලේට් තියෙනවා. ඔටෝ බ්ලොක්කයකට වඩාත් සුදුසු සුදු පාට ටෙම්ලේට් එකක්. ඇඩ්සෙන්ස් සුදුපාටට කැමතියි කියලා කතාවක් තියෙනවා. හැබැයි ඒවාගේ ඇත්ත නැත්ත මමනම් දන්නේ නෑ.

Meta Tag බ්ලොක්කයට දාගන්නයි, හදාගන්නයි පහල ලිපි කියවන්න

අපේ බ්ලොගය සෙවුම් යන්ත්‍රයන් හා හොදින් අසුවිමට Meta Tag

Free Meta Tag Tool

2. බ්ලොක්කයට අදාලව Google Analytics සක්‍රීය කලයුතුයි.

අපි කවුරුත් දන්නවනේ Search Engines.  ඒකියන්නේ ගූගල්, යාහූ, බින්ග් වගේ. Google Analytics කියන්නේ වෙබ් අඩවියක් පිලිබදව සවිස්තර විස්තර කියන්නාවූ ගූගල් සමාගමේ සේවාවක්. වෙබ් / බ්ලොග් අඩවියකට ආවේ කවුද ගියේ කවුද, මොන රටේද, කොච්චර වෙලා හිටියාද, ඇඩ් ක්ලික් කලාද නැද්ද වගේ තොරතුරු රාශියක් Google Analytics හරහා අපිට බලාගන්න පුලුවන්. ඒ වගේම පහල තියෙන රූපය බලන්න.

 ඔන්න ඔය වගේ සවිස්තර Search Engine Result එකක් ගන්න Meta Tag බ්ලොක්කකයට ඇතුලත් කරලා Google Analytics සක්‍රීය කරපුවාම හරි. මේක කීවාම ගොඩක් අය කැමතිවේවි. මොකද බ්ලොක්කයක් දැනටමත් කරන කෙනෙක්නම් මේ විදියට හදාගන්න බැරිව හොය හොයා ඉන්න ඇත්තේ නේද?

Google Analytics සක්‍රීය කරනවා කියන්නේ බොහොම සරල දෙයක්. ගූගල් විසින් ලබාදෙන කේතයක් (Script) බ්ලොක්කයේ HTML කෝඩ් එකට ඇතුලත් කරන්න විතරයි තියෙන්නේ.

ඒ වගේම Analytics Script එක කියන්නේ මෙහෙම දෙයක්. අපි නව බ්ලොක්කයක් පටන් ගත්තා, ඒකට මෙච්චර සෙනගක් එනවා, පැය මෙච්චරකට සැරයක් ලිපි වැටෙනවා වාගේ තොරතුරු ගූගල් සමාගමට යවන හොදම මාධ්‍යක්. මේකෙන් තියෙන එකම ලොකුම වාසිය තමයි Google සෙවුම් යන්ත්‍රය හරහා ලොකු සෙනගක් අපේ බ්ලොක්කයට පැමිනෙන එක. ගොඩක් එනවා කියන්නේ සල්ලි ගොඩක් හම්බෙනවා කියන එක.

අපි බලමු  Google Analytics බ්ලොක්කයකට දාන හැටි.

www.google.com/analytics/  වෙත පිවිසෙන්න.
ඔබේ බ්ලොක්කයේ  Username & Pass ලබාදී ලොග් වන්න.
රූපවල පෙන්වා ඇති පරිදි පිලිවෙලින් කරන්න 
මං මුලින් කීවනේ Analytic Script එකක් ලබාදෙනවා කියලා, අන්න ඒක පහල A මගින් ලබාගන්න පුලුවන්.
දැන් ඔබගේ බ්ලොගර් ගිනුමට පිවිසෙන්න. රූපවල පරිදි කේතය බ්ලොක්කයට ඇතුලත් කරන්න.



3. Backlinks කොහොමද හදන්නේ? මොකටද තියෙන්නේ?
4. හැමෝම වහෙන් ඔරෝ කියන, අපි නොදන්න SEO
5. Senuke X  සරලව

මේ කරුනු කාරනා අපි ඊලග ලිපියෙන් කථාකරමු.

ගිහින් එන්නම්,
ඔබට ජය!

( මෙම ලිපියෙහි පූර්ණ අයිතිය iPlus blog කතෘ සතුවේ)


0 comments:

තවත් එකක් නොව සියල්ලටම එකක්.....