Email
මේ මගේ oDesk ලිපි මාලාවේ අවසාන ලිපිය. පලමු, දෙවන, තෙවන ලිපි වලට ගොඩක් ප්‍රතිචාර ලැබුනු නිසා හිතුවා අන්තිම ලිපියත් ඉක්මනට ලියලා දාන්න. අපි oDesk ගිනුමක් හදලා ‍රැකියා වලට ඉල්ලුම් කරන හැටි දැන් සක් සුදක් සේ දන්නවා. පහසුවෙන් කරලා ලොකු මුදලක් උපයන්න පුලුවන් ‍රැකියා ගැනත් දන්නවා. මම මේ ලිපියෙන් මගේ අත්දැකීම් ටිකක් විස්තර කරන්නම්.

ඇත්තම කීවොත් oDesk තාම මගේ පොකට් එක සතු‍ටු කලේ නෑ. ඒකට හේතුව මගේ තියෙන කම්මැලිකමයි, මෝඩකමයි නිසා. මම මාස ගානක් ඔට්‍ටු වෙලා ලබපු අත්දැකීම් ඔබලාට අඩු නැතිව කියලා දුන්නා.
ඒ කියපු කිසි දෙයක් වංචා සහගත ඒවා නෙවෙයි. මම ‍රැකියා ඉල්ලුම් පත්‍ර 10ක් දැම්මොත් අනිවාර්යෙන් 1ක් හරි හම්බෙනවා. ඒ ක්‍රමේ ඔබලාටත් කියලා දුන්නා. හම්බුනාට මට කරන්න හිතෙන්නේ නැති එකනේ ගැටලුව?

ඉස්සරෝම කලේ Article ලියන ‍රැකියාවක් එක මනුස්සයෙක් දාලා තිබුනා Bodybuilding ගැන Article 120 ක් ලියන්න. මම ඉල්ලුම් කලා. මට ලැබුනා. ඉස්සරෝම හින්දා මට වැඩි අවබෝදයක් තිබුනේ නෑ. ඒ වගේම මට පට්ට ඉංග්‍රීසි දැනුමකුත් නෑ. මට Bodybuilding තියා, අම්ම අප්පා ගැනවත් හරියට ඉංග්‍රීසියෙන් ලියාගන්න බෑ. ඉදපංකෝ දෙන්නම් වැඩක් කියලා Scibd හා වෙනත් ebooks අඩවි පීරලා හොයාගත්තා මරු ebooks ටිකක්. ඊට පස්සේ මොකද කලේ? pfd එකෙන් copy කරනවා. text ෆයිල් එකකට paste කරනවා. copy කරනවා paste කරනවා. මෙහෙම, මෙහෙම හැදුවා පට්ට ලිපි 30ක්.

ට පස්සේ oDesk හරහා සුද්දාට මං මෙහෙම ලිපියක් යැව්වා.
Sir/madam,
I have Finished 25% of your job. So Please Make 25% of full payment to my papal account. After You paid, I will continue for next 75%. (I Could be finish all of work within 4 days.)
PayPal ID: **********@yahoo.com
Thank You!
Personal Email: ************@gmail.com

ඊට පස්සේ පහුවෙනි දවසේ බලනකොට තමයි බොක්ක කූල් වුනේ. සුද්දා මෙහෙම කියාපි.

Sean faqto me,

Randunu, each article I checked FAILED copyscape.

Why are you giving me copied articles.
For instance
YOUR Article named - Exercise Descriptions Part 4
has 23 other copies of this on the web.
Why are you giving me other mens work?

I pay you, and all men for one good article, so see your work. And you give me ALL copied articles, from other men.

Why do you waste your and my time and give me copies? Why you trying to get over on us?

This is too hard for you?

අප්පට සිරි. වනේ වන හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා කියලා හිතුනා. ඉස්සරෝම ‍රැකියාව හින්දා ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියේ. සුද්දා මට $120කට වඩා ගෙවන්න පොරොන්දු වෙලා තිබුනේ.

ඊට පස්සේ මම මෙහෙම කියලා නිකන් හිටියා.
sir/madam,
I'm Very sorry! I tried to give you best. I know, I got many data from some ebooks. but all of them not from ebooks. .You Will be right. This is too hard to me. I'm Sorry!

ඊට පස්සේ සුද්දා මෙහෙම කීවා,
Sean faqto me

This is not hard. Just work and you looking to cheat and steal, not really work. This is typical of men like you whom dont care what people think of other cultures, etc. You simply dont care for anything but yourself. Nothing else matter, but ones self.

god bless, I hope you grow, as I am sure you are very young. As only immature and young people wasting gods time like this.


අනේ දෙයියනේ ඇයි මටම මෙහෙම වුනේ..... පලමු වැනි ‍රැකියාවෙන්ම මට oDesk එපා වුනා. යකෝ බනිනවා කියලා මෙහෙමත් බනිනවාද?

ඒ කරුමේ එතනින් ඉවරවුනා ඒත් මේකගේ හොද කියන්නේ, $2 ක් oDesk ගිනුමට එවලා තිබුනා.

oDesk එකෙන් Paypal වලට සල්ලි මාරු කරනකොට $1ක් කැපෙනවා. කමක් නෑ මගේ පලමු ඊ මනියනේ කියලා Paypal එකට සල්ලි දාගත්තා. Paypal ලොග් වෙලා බලනකොට සල්ලි නෑ එතකොටනම් කොම්පූටරේ පොලොවේ ගහන්න හිතුනා. පස්සේ තමයි මතක් වුනේ Paypal ගිනුම Unverified කියලා. හිගන්නාගේ පාත්තරේට හෙනහුරා කඩාන වැටෙනවායි කියනවා වගේ මගේ පලමු ඊ-මනිය බහිරවයා ගිල්ලා.

ආයේ oDesk එකෙන් ලැබුනා Capcha ටයිප් කරන ජොබ් එකක්. ඒකත් කරන්න ඇරන් මගක් කරගෙන යද්දී එපා වුනා. Capcha 500ක් විතර ටයිප් කරලා නවත්වලා දැම්මා. සතියකට විතර පස්සේ ඒ සුද්දත් බැනලා බැනලා, $1ක් දීලා යන්න ගියා. පොරොන්දු වෙලා තිබුනේ $60ක්.

ඊට පස්සේ මට මෙහෙම හිතුනා. මං දැං ගිනුමක් හදලා, ‍රැකියා වලට ඉල්ලු කරන හැටි දන්නවා. ‍රැකියා ලැබෙන හැටිත් දන්නවා. ඒ නිසා දන්න දේ අනිත් අයට කියලා දීලා නිකන් ඉන්නවා කියලා. මොකද මං ඉන්ටනෙට් ගත්තේ ඊ-මනී හොයන්න. ඒත් ඒ සිහිනය බොදවෙලා ගියා.

මාත් එක්ක තරහවෙන්න එපා මෙහෙම කීවට. බ්ලොග් ලියන්නන් ගොඩක් අය කියන්නේ PTC ක්ලික් කරන්න, ක්ලික් කරන්න. එතකොට සල්ලි හම්බෙනවා, කියලා බටර් ගාලා රෙෆෙරෙල් ලින්ක් එක දීලා යනවා මිසක් වෙන ක්‍රමයක් යෝජනා කරන්නේ නෑ. මම හැමෝගෙන්ම ඉල්ලන්නේ දන්න දේවල් හැමොටම කියලා දෙන්න, ඒ වගේම මට මෙහෙම ලිපි පෙලක් ලියන්න හිතුනේ eBay කුප්පි මාලාව කියවලා. මොකද තමුන් දන්න දේ හැමෝටම බෙදලාදෙන අයත් ඉන්නවනේ කියලා. ඒ සහෝදරයටත් ඉස්තූතිවන්ත වෙනවා.

පුලුවන්නම් , කැමතිනම් විතරක් උදව්වක් කරන්න. මං ඉංග්‍රීසි බ්ලොක්කයක් හැදුවා. ඒකට ඇඩ්සෙන්ස් ගන්න ඇප්ලයි කරලා තියෙන්නේ. ඇඩ්සෙන්ස් හම්බෙනවා ට්‍රැෆික් එක වැඩිනම්. ඒ නිසා පහත ලින්ක් එකෙන් ඒ බ්ලොක්කයට විසිට් එකක් දාලා එන්න.

http://xml4free.blogspot.com/

oDesk ලිපි පෙල අවසානයි. මොකක් හරි ගැටලුවක් තියෙනවානම් කොමෙන්ට් එකක් දාලා යන්න.

( මෙම ලිපියෙහි පූර්ණ අයිතිය iPlus blog කතෘ සතුවේ)


0 comments:

තවත් එකක් නොව සියල්ලටම එකක්.....