Email
Showing posts with label Funny Stories. Show all posts
Showing posts with label Funny Stories. Show all posts
හලෝ කස්ටිය ඉතින් කෝමද ඈ.. මමනං ඉතින් වෙනදා වගේම පිස්සු නටනට ඉන්නවා.. ආ කලින් කියන්න අමතක උනානෙ සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම..



අලුත් අවුරුද්දෙ blog එක බලන කස්ටියට මම කියල දෙන්න හදන්නෙ යාලුවන්ට පොඩි අහින්සක මඩ පාරක් ගහලා චූටි fun එකක් ගන්න හැටි ගැන.. මේක කරන්න ගොඩක් ලේසියි link එකේ උඩ නම වෙනස් කරන්න විතරයි ඕනි...

මේ තියෙන්නෙ පළවෙනි එක. කරන්න තියෙන්නෙ ඔය JZero කියල තියෙන තැනට බයිට් පාරක් දෙන්න ඕනි කෙනාගෙ නම දෙන එක.






මේක තමයි දෙවෙනි එක. මේකෙත් අර පළවෙනි එකේ වගේම JZero කියල තියෙන තැනට බයිට් පාරක් දෙන්න ඕනි කෙනාගෙ නම දෙන්න.



එහෙනම් ඉතින් කාවහරි  බයිට් කරන්නකො ඈ... හැබැයි ඉතිං ගුටි කන්න උනොත් එහෙම අපි නෑ ඔන්න.. :P



ඉලෙක්ෂන් එක ඉවර වුනේ අප්‍රේල් 9 වෙනිදාය. ඒත් ආණ්ඩුවේ කට්ටියගේ ඉලෙක්ෂන් ප්‍රීතිය එහෙම දවසකින් දෙකකින් ඉවර වෙන එකක් නොවිය. තමන්ගේ අපේක්ෂකයා ජිල්මාට් ගුල්මාට් කකුල්මාට් ඕනෑම එකක් දමා දියවන්නාවේ කවුන්සිලේට තේරීපත්වූ ප්‍රීතිය නිමිත්තෙන් සමහර සපෝටර්ලා ඉනේ සරම නැතිවෙන තරමට නැත්නම් මූණ සාක්කුවේ වැටෙන ගානට ප්‍රීති වූහ. ඉන් සමහර දෙනාට ඉලෙක්ෂන් කාලේ විරුද්ධ පක්ෂෙට වැඩකරපු අයට ආණ්ඩු පක්ෂෙ වටිනාකම කියාදෙන්නට මතක් වුනේ ගානකට රත්වේගෙන එද්දීය.

අලුතෙන් පත්වුන මංත්‍රීවරයෙකුගේ මේ ජාතියේ සපෝටර්ලා පිරිසක් කඩු කිනිසි පොලු මුගුරු ආදිය රැගෙන ගමේ විරුද්ධ පක්ෂේ සපෝටර් කෙනෙකුගේ ගෙදරට ගොඩවැදුනේ උන්නැහේගෙත් උන්නැහේගේ දරු පවුලෙත් දුක සැප බලා යන්නටය.එසේ දුක සැප විමසමින් ඉන්නා අතරතුර අහල පහල කෙනෙකු වන් වන් නයින් එක ඔස්සේ පොලිසියට දුන් දැනුම් දීමක් අනුව පලාතේ සිටි නාහෙට නාහන පොලිස්කාරයෙක් ජීප් එකෙන් පැමිණ අමුත්තන්ගේ කන් අතගා කුදලාගෙන ගොස් පොලිසියේ විශේෂ ආරක්ෂාව යටතේ තබාගත්තේය.

මේ හුටපටය අලුත් මංත්‍රීතුමාගේ කණට යන්නට විනාඩියක් වත් ගතවුනේ නැත. තවම දිවුරුම් දී නැති නමුත් මම පළාතේ මංත්‍රී නොවෙම්දැයි සිතූ අලුත් මංත්‍රීතුමා පොලිසිය වෙත ආවේ සපෝටර්ලා පෙළපාලියක්ද සමගය. දැන් ඉතිං මංත්‍රීතුමා නමෝ විත්තියෙන් වැඩ අල්ලන වේලාවයි. පොලිසියේ ඕ.අයි.සී මහත්තයා තම පුටුවට වී බර වැඩකි. මංත්‍රීතුමාගේ සපෝටර්ලා පොලිසිය වටලා සිටිති. මංත්‍රීතුමා කෙළින්ම ගියේ ඕ.අයි.සී මහත්තයා වෙතය. දැන් දැන් ගිනි කෙළියක් සිදුවන්නට යන බව හැමදෙනාටම ප්‍රත්‍යක්ෂ වුයේ මංත්‍රීතුමා අපේක්ෂකතුමා කාලේ පළාතේ දැමූ වැඩ කිඩ දන්නා නිසාය. ඒ කාලේ ඒ ප්‍රදේශයට කවුරුත් කීවේ ‛‛මුදවා නොගත්’’ ප්‍රදේශය කියායි. මංත්‍රීතුමා කල්පනා කළේ තමන්ගේ වැඩ කිඩ පොලිස්කාරයාට පෙන්වීමට මෙතරම් අනගි අවස්ථාවක් තවත් නොලැබෙන බවය. කන්දෙක රත්වෙන ගානට දෙක තුනකින් සප්පායම් වී සිටි මංත්‍රීතුමා තමන් ඉදිරියේ සිටගෙන සිටියත් ඕ.අයි.සී මහත්තයා පුටුවෙන් නැගිට්ටේවත් හිස ඔසවා බැලුවේ වත් නැත. මංත්‍රීතුමාට මේකට මාරජුවල්ය. අචාරශීලීත්වය නොදන්නා මේ පොලිස්කාරයාට මතක හිටින පාඩමක් ඉගැන්විය යුතුයැයි මංත්‍රීතුමා හිතාගත්තේය. ඒ සඳහා පොලිස්කාරයාට ඉංග්‍රීසියෙන් බැනවැදිය යුතුයැයි මංත්‍රීතුමා තීරණය කලේය. ඔහු සද්දෙට උගුරේ රැල්බුරුල් හැරියේය. ඕ.අයි.සී මහත්තයා ඔලුව ඉස්සුවේය. මංත්‍රීතුමා බනින්නට පටන් ගත්තේය.

යු නෝ හූ මී ආ?…..නෝ පීපල් නෝ…..ඩෝන්ට් පීපල් ඩෝන්ට් නෝ…..යූ හයි ඕ, අයි හයි ඕ.
යූ අයි.පී.. අයි ඇම්.පී..ගෙටවුට් මයි පීපල්
ඉෆ් දේ නොටවුට්….ටුමාරෝ යු ගෝ ජැෆ්නා…

මේක ඇසුන ගමන් අයි.පී මහත්තයා ඉබේටම නැගිටුනේය. ඔහු වික්ෂිප්තභාවයෙන් බලා සිටියේ මේකට බය වෙන්නද? හිනාවෙන්නද? අඬන්නදැයි නිනව්වක් නැතිවය.

උපුටාගත්තේ wadiyalk එකෙන්.......

ඇම්ඩන්ට මාර චාන්ස් එකක් සෙට් උනාලු..
අවුරුදු දෙකක් රොකට් එකක හඳට ගිහින් ආපහු එන්න...
මිනිහටත් මාර ෆන් එකනේ..මූ මේකට ඇප්ලිකේශන් එකක් දැම්මලු..
කොහොමහරි මෑන්ට ඉන්ටර්වීව් කෝල් කරලා..මූ දැන් ඉන්ටර්වීව් එකට ගියාලු..
කොහොමහරි අන්තිම තුන්දෙනාට වෙනකම් මූ ආවලු.
ඔන්න මුන් තුන් දෙනාට එන්න කියල කිව්වලු..
මේ අවුරුදු දෙකේ ඔයාලට ගෙනියන්න කැමැති දෙයක් ඉල්ලන්න කියලා

පලවෙනි මනුස්සයා කිව්වලු මට කියවන්න ඇතිවෙන්න පොත් ඕනේ කියලා...
දෙවැනි මනුස්සයා කිව්වලු මට ගෙනියන්න සුපිරි කෙල්ලෙක්ව ඕනෙ කියලා...
ඇම්ඩන්ගෙන් අහන්නත් කලින්ම මූ පැනලා කිව්වලු මට මේ අවුරුදු දෙකට ඇතිවෙන්න ගන්ජා අරන් යන්න දෙන්න කියලා...

දැන් ඔන්න කට්ටිය ඉල්ලුව විදියට ඔක්කම දේවල් දීලා රොකට් එකේ හදට පිට කරාලු..
රොකට් එකේ කැමරා හරි කරලලු තියෙන්නෙ....
පාලක මැදිරියෙ ඉදන් කට්ටිය මොක්ද වෙන්නෙ කියල බ්ලාගෙන ඉන්නවලු..
කෙල්ලෙක්ව ඉල්ලපු මනුස්සය හැම වෙලේම කෙල්ල එක්කම ඉන්නවලු...


දැන්නැද්ද ඉතින් අනම් මනම් කර කර හික්..හික්
පොත් ඉල්ලපු එකා බලන බලන හැමැ වෙලාවෙම පොත් කියවනවලු...

කට්ටිය ඇම්ඩන් දිහා බලද්දි මෙන්න මූ ගිහිල්ලා අර ගෑනිටයි මිනිහටයි හොදටම ගහනවලු..
උන් දෙන්නගෙ බඩු මුට්ටු පෙරලනවලු...ඊට පස්සෙ ඒවා ඇතුලෙ මොකක්දෝ හොයනවලූ...
ඇදේ මෙට්ටෙඋස්සල බලනවලූ...ආයෙත් අරමිනිහට ගහනවලු..හරියට නිකන් පිස්සෙක් වගේ..
ඊට පස්සෙ අර පොත් ඉල්ලපු මිනිහා ගාවට ගිහින් ඌටත් ගහනවලු...
ඌගේ පොත් විසික්කරනවලු..එතන එකම කාලගෝට්ටියක්ලු...
ඇම්ඩන් ඔහොම අවුරුදු දෙකේම අරුන්ට ගගහා මොකක්දො හෙව්වලු...
අන්තිමට ඇම්ඩන් අවුරුදු එක හමාරක් විතර හොයලා හොයලා
මේ වැඩේ හරි යන්නෙ නැහැ කියල මිනිහා ඒක නවත්වලා...

දැන් අවුරුදු දෙකක් ඉවර වෙලා කට්ටිය ඔක්කම පෘථ්වියට ආවලු..

හඳට ගියපු කට්ටියගෙ සේවය අගයන්න ඕනේ හින්දා කට්ටියව හදට යවපු තැන ලොක්කා
ගියපු අයට කිව්වලු කැමැති දෙයක් ඉල්ලන්න කියලා...

අර කෙල්ලෙක්ව එක්කන් ගිය එකාට දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා
මිනිහා කිව්වලු...මට දැන් පවුලක් ඉන්නවා..ඒක හින්දා මුලු ජීවිතේටම ඇතිවෙන්න සල්ලි දීලා
වාහන,අතටපයට වැඩකාරයෝත් එක්ක ගෙදරකුත් දෙන්න කියලා...

පොත්ගුල්ලගෙන් අහපුවම ඌ කිව්වලු..
මට දැන් සෑහෙන දැනුමක් තියෙනවා....මට ඒක හින්දා හොද පඩියක් ලැබෙන
ජොබ් එකක් හොයලා දෙන්න කියලා...

ඇම්ඩන්ගෙ ඇස් දෙකත් අම්බානෙක රතු වෙලාලු මූ දත්මිටිකාගෙන.අත් දෙකේ ඇගිලි ටිකත් මිටිකරගෙන...ඉන්නවලු..

හරි ඇම්ඩන් දැන් ඔයාගෙ වාරේ....ඔයාට මොනාද ඕනේ කියල කියන්න...කියල ලොක්ක කිව්වලු..

ඇම්ඩන් එක පාරම ලොක්කගෙ පරම්පරාවම මතක් කරලා හොද කුණුහරුප ටිකක් කියල..කිව්වලු
#*!$#@%$$  දැන් වත් මට ගිනි පෙට්ටියක් දීපන් අර ගන්ජා ටික ගහන්න කියලා ......
තවත් එකක් නොව සියල්ලටම එකක්.....