Email



දැන් antivirus software පුරාම තියෙන නිසා මට හිතුනා හොද antivirus software එකක් තෝරගන්නෙ කොහොමද කියලා කිව්වනම් හොදයි කියලා..

antivirus software එකක මෙන්න මේ හැකියාවන් තියෙනවනම් ඒක හොද antivirus software එකක් කියල සලකන්න පුලුවන්.

  • දැනට හදුනාගෙන තියෙන සියලුම virus ඉවත් කරන්න වගේම අලුත් වයිරස් ඒවායේ හැසිරීමෙන්ම නිවැරදිව වයිරස් එකක් කියලා අදුරගන්න පුලුවන් වෙන්න ඕනි.
  • වයිරස් විතරක් නෙමෙයි worms, spyware, adware, torjan horse, rootkit වගේ හානිකර වැඩසටහන් අදුරගෙන ඒවා ඉවත් කරන්න හැකියාව තියෙන්නත් ඕනි.
  • ක්‍රියාත්මක වෙන හැම file එකක්ම ආරම්භයේදිම වයිරස් හදුනාගැනීමේ පරීක්ෂාවකට ලක් කරන්න (Real time protection) පුලුවන් වෙන එක අනිවාර්යෙන්ම තිබිය යුතුම හැකියාවක්.
  •  දිනපතාම updates නිකුත් කරන software එකක් වෙන්නත් ඕනි වගේම තමයි ඒ updates automatically download කරගන්නත් හැකියාව තියෙන්න ඕනි.
  • Antivirus software එකක් install කළාම තියෙන ප්‍රධානම කරදරේ තමයි computer එක slow වෙන එක. මේ හේතුව නිසාම සමහරු Antivirus software පාවිච්ච් කරන එකත් නවත්තනවා.ඉතින් ඒක නිසා computer එකේ Memory, HDD, processor එක වගේ දේවල් අඩුවෙන් පාවිච්චි කරන software එකක් වෙන්නත් ඕනි.
  • userගේ මැදිහත්වීම අවම විදියට යොදාගෙන ස්වයංක්‍රීයව වැඩකරන්න වගේම ඕනි කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් interface එකකුත් තියෙනවනම් ගොඩක් හොදයි.
  • වැඩියෙන්ම virus එන්නෙ CD/ Pen drives වගේ දේවල් වලින්නේ.ඉතින් හොද  Antivirus software එකකට මේ වගේ removable devices computer එකට connect කරපු ගමන් scan කිරීමේ හැකියාවත් තියෙන්න ඕනි.
  •  වයිරස් අඩංගුවන websites , e-mail වගේ දේවල් කල්තියා අදුරගෙන ඒවා computer එකට පැතිරීම නවත්තලා ඒක ගැන user ට අනතුරු අගවන්න පුලුවන්කම තියෙන එකත් අනිවාර්යයි.
ඒ වගේම තමයි බොරු antivirus softwareත් දැන් එන්න එන්නම වැඩි වෙනවා. මේවාගෙන් කරන්නෙ computer එකේ virus නැතත් virus තියෙනවා කියලා පෙන්නලා සල්ලි දීලා product එක active කරන්න එතකොට virus remove වෙනවා වගේ බොරු දේවල් කරන එක තමා මේ fake antivirus software වලින් කරන්නේ. පහල තියෙන්නෙ ඒ වගේ fake antivirus software දෙකක්.



 ______________________________________________________________

පහලින් මම දාලා තියෙන්නෙ දැනට තියෙන හොදම  antivirus software 10 ක්. මේවාගෙන් සමහර software නිකන් දෙනවා. අනිත් ඒවානම් ඉතින් සල්ලි දීලා ගන්න තමා වෙන්නේ.......

1. Bit defender Antivirus Plus


 2. Kaspersky Anti-Virus


 3. Norton AntiVirus















7. AVG Anti-Virus




8. Avast! Pro Antivirus




9. Trend Micro Titanium Antivirus +




10. VIPRE Antivirus


ගොඩක් වෙලා ගියා type කරන්න....එහෙනම් යන ගමන් අදහසකුත් දාගෙනම යන්න......................:D

තවත් එකක් නොව සියල්ලටම එකක්.....