Tech Tricks Lanka
තවත් එකක් නොව සියල්ලටම එකක්.....
Home
Internet
PC
Game Developing
Downloads
Mobile Tricks
iPlusගේ ලිපි
Site Map
Syndicators
රස කතා ටිකක් :D
8:35 PM
Janith Udayanga
කෙල්ලෙක් තට්‍ටු බිල්ඩිමක උඩ තට්‍ටුවක තියෙන බාර් එකකට තනියම ආවලු. ඇවිල්ල වටපිට බලද්දි දැක්කල හෙනහැන්ඩි කොල්ලෙක් තනියම බියර් එකක් බිබී ඉන්නව. මේ කෙල්ලටත් කම්මැලි නිසා හිතුවලු පොඩි චැටක් දාන්නමෙයත් එක්ක. කෙල්ල මෙයා ලඟට ඇවිත්.
කෙල්ල : මොනවද ඔයා බොන්නෙ?
කොල්ලා : මේක මැජික් බියර් එකක්!
කෙල්ල හිතුවලු මූ නම් පිස්සෙක් කියල කෙල්ල හිමීට බාර් එක වටේ රවුමක් දැම්මලු. ඒත් වැදගැම්මකට ඇතිඑකෙක්වත් ඉඳල නෑ. ඉතිං කරන්න දෙයක් නැති තැන මෙයා ආයෙ අර කොල්ලා ලඟට ඇවිත්.
කෙල්ල : ඔයා විහිලුවක් නේද කරේ මේ බියර් ගැන?
කොල්ලා : අපොයි නෑ. ඉන්න මම පෙන්නන්නම්.
ඔහොම කියල බියර් ග්ලාස් එක හිස් කරලා ජනේලෙන් එලියට පැනල රවුම් තුනක් බිල්ඩිම වටේ පියාඹලා ආයෙජනේලෙන්ම ඇතුලට ඇවිත්. කෙල්ලට දැන් හිතා ගන්නත් බැරිලු
කෙල්ල : මට ෂුවර් ඔයාට එක සැරයක් කරාට ඔය වැඩේ ආයෙ කරන්න බෑ කියල.
කොල්ලා : පොඩ්ඩක් ඉන්න
කොල්ලා තව බියර් ග්ලාස් එකක් බීල ආයෙම ජනේලෙන් පැනලා රවුම් තුනක් පියාඹලා පෙන්නුවලු. දැන් කෙල්ලටත්ඕනෙ උනාලු මැජික් බියර් බොන්න. බුවා බාර් කීපර් ට කියල "මම බොන ජාතියෙන්ම ග්ලාස් එකක් මෙයාටත් එවන්න"කියල. කෙල්ලත් බියර් වීදුරුවම බීල පැන්නලු ජනේලෙන් එලියට. කෙල්ල තට්‍ටු 30 ක් පහලට වැටිලා එතනම මැරිලා.
බාර් කීපර් අර මෑන් දිහා බලල කිව්වලු "යකෝ සුපර් මෑන්, උඹ නම් බිවුවම මහ සවුත්තු වැඩ කරන්නෙ" කියල..
-------------------------------------------------------------------------------------------------------------------------------------
එක හාඩ්වෙයාර් එකකට ගොඩ වැදුනු හාවෙක්
මුදලාලි, කැරට් අලයක් දෙන්න යැයි ඉල්ලුවේය.
ආ.. හාවෝ මේක හාඩ්වෙයාර් එකක්නෙ,මෙහේ නම් කැරට් නෑ! යි මුදලාලි කරුණාවෙන් පැවසීය.
හාවාද සද්දයක් නැතුව යන්නට ගියේය.
ඊලඟ දවසේද, හාඩ්වෙයාර් එකට ගොඩවැදුනු හාවා මුදලාලිගෙන් කැරට් ඉල්ලුවේය .
"මං ඊයෙත් කිව්වනෙ හාවෝ මෙහේ කැරට් නෑ... යි මදක් උදහසට පත්ව පැවසීය.
හාවාද සද්දයක් නැතිව යන්නට ගියේය .
ඊලඟ දවසේත් හාඩ්වෙයාර් එකට පැමිණි හාවා කැරට් ඉල්ලූ විට නම් මුදලාලිට අසූහාරදාහට නැග්ගේ ය.
"ආයෙත් කැරට් ඉල්ලගෙන ආවොත් මම තෝව එල්ලනවා වහේලේ..."
යැයි තර්ජනය කලේය.
හාවාත් ඔළුව පහත් කරගෙන යන්නට ගියේය.
ඊලඟ දවසේත් හාඩ්වෙයාර් එකට ගොඩවැදුනු හාවා මුදලාලි වචනයක් වත් පැවසීමට පෙර
"මුදලාලි ලණු තියෙනවද..? "ඇසුවේය.
"ලණු...?ආ.. ලණු නම් නෑ හාවෝ ."
"ආ... මුදලාලි මට එහෙනම් කැරට් අලයක් දෙන්න...!"
-------------------------------------------------------------------------------------------------------------------------------------
ඔන්න එක මිනිහෙක් මැරුනට පස්සේ අපායට ගියා.
එතකොට තමයි පොර දැන ගත්තේ හැම රටකටම වෙන්වුණු අපාය ගානේ තියෙන බව.
අපේ මේ පොර ජීවිත කාලේ පිං අතේ වැඩ කීපයක් එහෙම කරලා තිබුණු නිසා පොරට චාන්ස් එකක් ලැබුණා තමන් කැමති රටක අපායක් තෝරගෙන ඒකට ඇතුල් වෙන්න.
ඉතිං මිනිහා ඉස්සෙල්ලම ගියා ඇමරිකාවේ අපායට. දියුණු රටක් නේ.. මිනිහා හිතාගෙන ගියේ දඬුවම් එහෙමත් ටිකක් හරි අඩු ඇති කියලයි.
මොන..බම්බුව තමයි...
ඇමරිකන් අපායේ දඬුවම් ලිස්ට් එක මෙහෙමයි.
ලෝදිය හැලියේ පැයක් බස්සනවා.කටු ඉඹුලේ පැයක් නග්ගනවා.ඊළඟට යකෙක් ඇවිල්ලා දවස පුරාම කසපාර දෙනවා.
වැඩේ බරපතලයි නේ..
ඉතිං අපේ පොර ඇමරිකාවේ අපාය අතෑරලා ඊළගට ගියා කැනඩාවේ අපායට.
ඒහේත් දඬුවම් ඇමරිකාවේ වගේමයි.මේ විදියට ජර්මනිය, ස්විට්සර්ලන්තේ,ජපානේ , ඉංදියාව වගේ රටවල් බර ගාණක අපායවල් වලට ගියත් ඒ හැම එකකම දඬුවම් දෙන ක්‍රමේ ඇමරිකාවේ අපායට සමානයිලු.
හැබැයි අන්තිමේදී පොර දැක්කා ඈත කෙලවරේ තිබුණු අපායක් ඉස්සරහා ඒ අපායට ඇතුල් වෙන්න මහා දිග පෝලිමක් තියෙනවා.
බැලින්නම් මේ ලංකාවේ අපායලු.
මේ මනුස්සයත් බොහෝම අමාරුවෙන් ලංකාවෙ අපායේ ෆ්‍රන්ට් ඔෆීසියට ගිහින් ඇප්ලිකේෂන් එකක් එහේම අරං ඇහුවලු මෙහේ දඬුවම් සිස්ටම් එක කොහොමද කියලා.
එතකොට රිසෙප්සොන් යකින්නී කියනවලු, පැයක් ලෝදිය පොවනවා. කටු ඉඹුලේ පැයයි. ඊළඟට දවස පුරාම යකෙක් ඇවිත් කසපාර දෙනවා කියලා.
දැං අපේ පොරට මලලු.
ඇයි ඉතිං අනිත් සේරම අපායවල් වලත් වෙන්නේ මේ ටිකම නේ. ඉතිං පොර ටිකක් සද්දෙන් ඇහුවලු,
''එහෙනං මොන මඟුලක් හින්දද ඕයි මේ තරං පෝලිමක්?'' කියලා.
එතකොට පෝළිමේ හිටපු තවත් ඩයල් එකක් අපේ පොරට ළඟට කතා කරලා මෙහෙම කිව්වලු.
'' මචං, ලංකාවේ අපායත් ලංකාවේ ආණ්ඩුවේ කන්තෝරුවක් වගේ තමයි. ඒකයි මේ පෝළිම.... ලෝදිය පොවනවා කිව්වට පොවන්නේ ඇල් වතුර.. ලෝදිය උණු කරන්න දර නෑ. දර ගන්න වෙන් කරපු සල්ලි යටි මඩි ගහලා.
කටු ඉඹුලේ කටු නෑ. කවුද යකෙක් ගෙදර උළුවහු හදන්න කටු ටික කපාගෙන ගිහින්.
කසපාර දෙන්න එන යකා ඉස්සර ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරපු එකෙක්. නමයට විතර වැඩට ඇවිත් අත්සන් කරලා කැන්ටිමට ගියාම ආයේත් එන්නේ දවල්ටත් කාලා.ඒ ඇවිල්ලත් කරන වැඩක් නෑ.. නිදාගෙන ඉඳලා හතරට ඕෆ් වෙලා ගෙදර යනවා.
(උපුටාගැනීමකි)
Email This
BlogThis!
Share to X
Share to Facebook
Share to Pinterest
Posted in
ඇම්ඩාගේ කතා
,
එක එක funny කතා
Newer Post
Older Post
Home
1 comments:
Tustin Upholstery
said...
I really enjoyed your blog, thanks for sharing.
November 14, 2022 at 8:35 AM
Post a Comment
Subscribe to:
Post Comments (Atom)
ජනප්රිය ලිපි
ලෝකය පුරාම තියෙන CCTV cams live බලමු...
කස්ටිය ඉතින් කෝමද? මේක තමා මම මේ Blog එකේ දාන පළවෙනි Post එක.... හරි......වැඩි කතා ඕනි නෑ post එක කියවල කොහොමද කියලා comment එකක් දාලා ය...
3D මොනිටරයක් නැතුව තියෙන මොනිටරෙන් 3D බලමුද?
කාලෙකට පස්සෙ ආව ඔන්න post එකක් ලියන්න කියලා. ගොඩක් අය ආසයිනෙ 3d movies බලන්න. ඒ උනාට වැඩේ කියන්නෙ 3d මොනිටර් වල ගණන් ඇහුවාම 3D එපාවෙනව :P. ...
GTA Sanandreas all cheats
අද මම දෙන්න යන්නෙ sanandreas game එක play කරනකොට ගොඩක් ප්රයෝජනවත් වන cheats ටිකක්..ටිකක් කිව්වට ටිකක්මත් නෙමෙයි ඔක්කොම....... මේවා ty...
Windows 7 වල boot screen එක වෙනස් කරමු...
Windows 7 වල ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන් උනාට හැමදාම එකම විදියට තියෙන boot screen එක වෙනස් කරන්න බැහැනේ. අද කියන්න යන්නේ boot screen එ...
Desktop එක ලස්සන කරගන්න හොදම rainmeter skins...
කාලෙකින් මේ පැත්තෙ ආවා post එකක් ලියලා යන්න. අදනම් වැඩි වල්පල් නැතුව කෙලින්ම post එක ලියන්න හදන්නෙ. ගොඩක් අය දන්නවනෙ rainmeter ගැන. මම දන්...
Categories
Cheats
(1)
Downloads
(23)
facebook hack
(1)
Funny Stories
(3)
Game Developing
(6)
Game Downloads
(5)
GTA IV
(1)
GTA Mods
(6)
GTA Sanandreas
(7)
GTA Sanandreas tools
(3)
Internet
(7)
Internet tricks
(5)
iplus blog
(17)
iplus posts
(17)
Mobile tricks
(5)
New Technology
(1)
Other downloads
(13)
PC tricks
(27)
Programming tricks
(7)
Proxies And VPN
(1)
Secret Codes
(3)
Social network tricks
(3)
Software
(3)
Software Reviews
(14)
Softwares
(18)
අලුත් Mods
(4)
ඇම්ඩාගේ කතා
(2)
එක එක funny කතා
(3)
එක එක ලණු
(5)
ඕං බලන්ටකො ඒකෙත් හැටි
(2)
Blog එක ගැන
Computers blogs
<a href="http://www.gbotvisit.com" alt="Google bot last visit powered by Gbotvisit">Google bot last visit powered by Gbotvisit</a>
<a href="http://www.w3-directory.com/directory-high-tech-Multi-media.php">high tech / Multi-media directory</a> <a href="http://www.w3-directory.com/directory-Sri-Lanka.php">Sri Lanka directory</a>
<a href="http://meteo123.net/meteo-9-jours-nice.html" alt="meteo Nice - (06000) 1 2 3 9 jours">meteo Nice Météo 9 Jours</a>
ping fast my blog, website, or RSS feed for Free
http://www.premature-ejaculation-treatment.com/
ping fast my blog, website, or RSS feed for Free
her-libido.com
So what is a
bankruptcy reaffirmation agreement
? This site is listed under
Multimedia Directory
Total Pageviews
තවත් එකක් නොව සියල්ලටම එකක්.....
1 comments:
I really enjoyed your blog, thanks for sharing.
Post a Comment