Email
Tech tricks Lanka ආරම්භ කර ජූනි මස 30 වනදාට මාස 6ක් සම්පූර්න වෙනවාය. ඒ වෙනුවෙන් අමුතුම විදියේ post එකක් ලියන්නට හිතුන නිසා මෙය කොටන්නට පටන් ගත්තෙමි. මුලින්ම කියන්ට ඇත්තේ පෝස්ටුව සම්පූර්ණයෙන්ම කියවන්න බැරිනම් tab එක close කර දමා වෙනත් වැඩක් බලා ගන්නා ලෙසය :P.

මුලින්ම මට blog කට්ටක් අටවාගන්නට සිතුනේ සුදුමහත්තයාගේ බ්ලොග් අවකාශය කියවීමෙන් පසුවය. ඉන්පසුව බ්ලොගක් හැදීමට ඕනා කමක් තිබුනත් හදාගන්නට දැන සිටියේ නැත. එක දවසක් අහම්බෙන් මෙන් fb එකේදි set වූ පොරක් නිසා Sri Lankan Wrestling Entertainment බ්ලොගේ ඇඩ්මින් කෙනෙකු වීමට පොඩි පහේ චාන්ස් කට්ටක් හම්බුනේය. ඔය අතර වාරයේ මගේ (පාප)මිත්‍රයෙකු :P වන චාමිකයාද blog කට්ටක් පටන් ගැනීමෙන් මගේ උවමනාව තවත් වැඩිවිය.

ඉන්පසුව ඒ බ්ලොග හදා තිබූ හැටි බලා Tech Tricks Lanka කියා බ්ලොගක් අටවා template කට්ටක්ද දමා වැඩේ පටන් ගත්තද පොස්ට් ලියන්න නොදන්නා බැවින් මම රජ අමාරුවක වැටුණේය. එවිට දෙයියනේ කියා මතක් වූයේ කැටපත් පවුරේ තිබූ පෝස්ට් කට්ටක්ය. shape එකේ අහු නොවෙන්නට ඉස්සුවද හා හා පුරා කියා මගේ blog කට්ටේ comment එකක් දමා තිබුනේද කැටපත් පවුර ලියනා SAnjula LAkpahana ය. එය ඕනෑනම් මෙතන ඔබා තවමත් බලා ගන්නට හැකිය.

වැඩේ මාට්ටු උවද ඒ කොමෙන්ට් එක නොවන්නට මේ blog එකද අනුන්ගේ පෝස්ට් උස්සන තවත් එක් blog කට්ටක්ම වන්නේය. (සන්ජුලයාට තව තවත් කොමෙන්ට් දමන්න හැකියාව ලැබේවායි පතමි. ) ඉන්පසුවනම් අනුන්ගෙන් උස්සන්නට නොගොස් හෙන ගේමක් දී post එකක් දමන්නට කරුණු හොයාගන්නට මම පුරුදු උනෙමි. එසේ පෝස්ට් දමන්නට ගොස් ඉල්ලාගෙන නාපු අවස්ථාද නැතුවාම නොවේය. නමුත් බොහෝ පෝස්ට් හොද වූ නිසා (මට හිතෙන හැටියට) චාටර් උන පෝස්ට් වලින් වැඩි අවුලක් ඇතිවූයේද නැතිය. බ්ලොග ලියන්නට කස්ටිය set කරගැනීම එපාම කරපු කට්ටක්ය. බොහෝ අමාරුවෙන් එකෙකු දෙන්නෙකු වැඩේට කැමති කරගත්තද උන්ගෙන් post එකක් ලියවාගන්නේ ඇගෙන් කෑල්ලක් ගලවාගන්නවා මෙන් අමාරුවෙන්ය. ඉතින් මටම මේකේ සියලුම post ලියන්නට සිදුවුනේය.

ගතවී තියෙන්නේ මාස 6ක් පමණක්ය. නමුත් blog අඩවියේ pageview ප්‍රමාණය මේ ලිපිය ලියමින් සිටින අවස්ථාව වන විට ලක්ෂයට ඉතාම ආසන්නය. දමන්නන් වාලේ post දැමුවානම් හෝ අනුන්ගෙන් ලිපි ඉස්සුවානම් කවදාවත් මාස 6ක් තියා මාස 66ක් ගතවුවද  pageview 10000ක්වත් ගන්නට හැතිවන්නේ නැතිය. මම කාගෙන්වත් post ඉස්සුවේ නැති වුවද මගෙන් post උස්සන සංඛ්‍යාව දිනෙන් දින වැඩි වන්නේය. සමහරුන්ට post ඉස්සීම මල පැනීමට කාරණයක් වූවද මටනම් එය සතුටට කාරණයකි. යමෙකුගේ Post එකක් තවත් කෙනෙකු උස්සන්නේ එහි ඇති සාර්ථක බව නිසාවෙන්ය. ඒත් ඉස්සුවේ මෙතනින් කියා දමනවානම් මම කැමතිය.

තවත් ඉතින් කීමට වැඩිදෙයක් නැත. Tech Tricks Lanka බ්ලොගයට මෙපමණ දුරක් පැමිණීමට සහාය ලබාදුන් බ්ලොග කියවන ඔබටද සින්ඩිකේටර වලට මෙන්ම මා දිරිමත් කළ මාගේ (පාප)මිත්‍රයන්ටද :P thanks වේවාය.

ප.ලි : බ්ලොගට join වී ලිපි ලියන්ට කැමති කෙනෙකු ඉන්නවානම් FB පිටුවට මැසේජ් එකක් දාන මෙන් ඉල්ලා සිටිමි :P


0 comments:

තවත් එකක් නොව සියල්ලටම එකක්.....