Email
protect from keyloggers


මම කියන්න යන්නෙ දැන් කාලෙ ගොඩක් computer use කරන අයට පරාල ඇණයක් වෙලා තියෙන keylogger වලින් බේරෙන හැටි ගැන. සමහර keylogger virus gurd වලින් ඇල්ලුවට සමහර ඒවා නියමෙට computer එකට රිංගලා අපේ data අනිත් අයට යවනවා.. කොහොමද ඉතින් credit card number , paypal password වගේ ඒවා අනිත් අයට ගියාම දැනෙන fun එක.. :p. ඒවා විතරක් නෙමෙයි අපි facebook chat කරනකොට ඒවා වගේ ඔය ඕනිම දෙයක් මේ වාත keylogger වලින් අනිත් අයට යවනවා..
protect from keyloggers


ඔය මොක උනත් ඉතින් keylogger එකක් එනකොට අඬබෙර ගහ ගහ එන්නෙ නෑනෙ ඔන්න මම එනෝ පුලුවන්නම් අල්ලපියෝ කියලා.. සමහර වෙලාවට keylogger එන්නෙ virus ඇති කියලා කීයටවත් sure නොකරන file එක්ක. ඕවා තියෙනවා කියලා බැහැනෙ අපි ඉතින් අපේ වැඩ කරගන්නත් ඕනිනෙ. ඒකට තමා මම මේ ක්‍රමයක් කියලා දෙන්න හදන්නෙ.

මේකට මේ පහල තියෙන software කෑල්ල download කරගන්න ඕනි. මේකෙ සල්ලී දීලා ගන්න ඕනි එකකුයි free එකකුයි දෙකක් තියෙනවා..  Personal එක තමා free දෙන්නෙ..

protect from keyloggers

(1.3MB)


ඕක download කරගෙන install කරගන්න.. මේකෙ බොහොම simple interface එකක් තියෙන්නෙ. අපිට තියෙන්නෙ software එක install කරන්න විතරයි. windows start වෙනකොට ඉබේම මේක වැඩකරනවා..

මේකෙදි කරන්නෙ අපි type කරන keystrokes වෙනස් keystrokes වලට change වෙන එක. ඒ කියන්නෙ අපි tech tricks lanka කියලා type කලොත් ඒක මේ software එකෙන් fhdsafhfjk'l;'' වගේ දේකට encrypt කරනවා. ඒ උනාට අපි type කරන දේ ඒ වගේම තියෙනවා..

පහල pic එකේ තියෙන්නෙ මම techtrickslanka කියලා browser එකේ type කලාම ඒක encrypt වෙන හැටි.

protect from keyloggers

මේක on කරගෙන ඉන්නකොට unicode type කරන්න ගියොත් වැඩේ පොඩ්ඩත් අවුල් වෙනවා. මේක unicode වලට ටිකක් support මදි. ඒ උනාට widows 7 වලදිනම් ඒක වැඩි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..unicode type කරන වෙලාවට system tray එකෙන් software එක උඩ rclick කරලා protection off කරලා දාන්න.

ඔය ක්‍රමෙන් ගොඩක් හොදින් ඔයාලට වාත keylogger වලින් බේරිලා ඉන්න පුලුවන්කම හම්බවෙනවා. එහෙනම් ඉතින් තව post එකකින් හම්බෙමු ඈ.. යනගමන් ලාවට වගේ like එකක් දාගෙනම යන්න..

තවත් එකක් නොව සියල්ලටම එකක්.....